Sunday, November 11, 2018

සදාකාලික හෝ අකාලික




සදාකාලික හෝ අකාලික
යමක් වේ නම් මා රැගෙන යන
දුකක් හෝ සතුටක්ම වූ එම
චේතනාව ඔබයි ...//

දැද දැනම මා කළ වරද ඔබ
පවක් වී එය මටම පලදෙන

යළිත් නිවැරදි කළත් කුමටද
ඔබමැ ඔබහට එරෙහි නම්

සදාකාලික හෝ අකාලික
යමක් වේ නම් මා රැගෙන යන
දුකක් හෝ සතුටක්ම වූ එම
චේතනාව ඔබයි

නොදැන හෝ මා කළ හොඳම ඔබ
සතුටු නම් ඔබ එපින මට ඇති

සසර දුර දිග යයි පුරුද්දට
ඔබමැ ඔබ මා කෙරෙහි නම්

සදාකාලික හෝ අකාලික
යමක් වේ නම් මා රැගෙන යන
දුකක් හෝ සතුටක්ම වූ එම
චේතනාව ඔබයි ...//

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද - ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි


(චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේය)

No comments: