Friday, December 14, 2018

පාරට කිට්‍ටුව



පාරට කිට්‍ටුව දෙල් ගස මුදුනේ
රට වටිනා ලිය දෙල් නෙලනා
අතේ තිබුණු රන් සුලැඟිලි තණ්ඩිය
අත්තෙන් අත්තට මාරුවෙනා //

කනේ තිබුණ රන් පුස්කොල ‍තෝඩුව
ගුවන් තලේ උඩ නද කරනා
අම්මාට පිං ඇත මේ දුව තැනුවට
මහ මුහුදේ බැස දිය නානා //

මුහුණ මුකුළු මුවරද ළඳුනේ මගෙ මුහුණ බලන්නැති කරුණ කිමා
මුහුණ පිරූ යස සිනා මකා නුඹ මුහුණ වසන් කළ කරුණ කිමා
මුහුණ කන්න ආ රකුසෙකු නොව මම
මුහුණ බලාපන් මෙන්න මෙමා //

ඉන්න හිටින්නට ගේ දොර ඇත ම‍ට ‍සොරබොර වැව් ඉස්මත්තෙ සොඳින්
කන්න අඳින්නට දෙන්නට හැක මට අම්මට බය නැති වෙන්ට කියන්
දෙන්න කියන් කරකාරෙ බඳින්නට
නැකතට එන බක් මහට කලින් //

පාරට කිට්‍ටුව දෙල් ගස මුදුනේ
රට වටිනා ලිය දෙල් නෙලනා
අතේ තිබුණු රන් සුලැඟිලි තණ්ඩිය
අත්තෙන් අත්තට මාරුවෙනා //

කනේ තිබුණ රන් පුස්කොල ‍තෝඩුව
ගුවන් තලේ උඩ නද කරනා
අම්මාට පිං ඇත මේ දුව තැනුවට
මහ මුහුදේ බැස දිය නානා ////.

ගායනය - උපාලි කන්නංගර
සංගීත සංයෝජනය හා නාද අදියුරු - උපාලි කන්නංගර
පද - ඌවේ ජන කවි ආශ්‍රයෙන් සම්පාදිතයි.

No comments: