Tuesday, December 25, 2018

මුලදි බැන්ද ආදරයක




මගෙ අත ඔබට හැර හිතවතියකට වෙන
දුන්නොත් මගේ ජීවිතයකි කඳුළු බොන
මිනී වලක මා යටකර තබන දින
වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන

මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්
සෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්

අසරණ මා අමතක කෙරුවත් ඔයා
සිතුවාද ඔබව මට අමතක වෙයි කියා ..//

එහෙම කළොත් යම්කිසි දවසක මෙමා
හමුවන්නෙ ඔබට මේ මගෙ මළකඳ තමා ...//

සෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්

මල් කුමරියො හිටියත් කොතරම් කැලේ
ඒ සැවොම පරාදයි පැහැයට ඔබෙ තොලේ ..//

එක් වෙන්නට නොහැකි වු‍‍නොත් රන්කඳේ
සැනසෙමු දෙන්නම එක තැන එක මිනි වලේ ...//

සෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්

මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්
සෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්

ගායනය - එච්.ආර්. ජෝතිපාල
ගී පද - ඇලෝයි ගුණවර්ධන
සංගීතය - මොහොමඩ් සාලි

No comments: