Sunday, January 13, 2019

කළුම කළූ


කළුම කළූ
කට්ට කළූ
කළුම කළූ කට්ට කළූ
ලිපේ තියෙන දැලි අඟුරු
අහසේ පාවෙන කළු වැහි වලාකුළු
වත්තේ වැඩ තරණ කොලූ
නමත් කළූ හමත් කළූ
කළුවර මාසෙ පෝය දවස වගේලූ

සුදු වෙන්නට ආස කළූ
දෙතුන් වරක් නානවලූ
අක්කිගෙ සබන් පියරු ටික ඉවරයිලූ
කෝපි බීව නිසයි කළූ
පණ්ඩිතයෙක් පැසුවලූ
ඉන්පසු කෝපි බීම අත්හැරියාලූ

හෝ හෝ මට තේරෙනවා
කිරි බිව්වොත් සුදු වෙනවා
මඩුවේ වැස්සිගෙ කිරි ටික අඩු වෙනවා
ඉර අවුවට කළු වෙනවා
සෙවන තැන් සොයා යනවා
සුදු ළමයින් දැක්කම කළුට ඇ‍ඬෙනවා

සුදු පාටයි කළු පාටයි
පාට දෙකක් බව ඇත්තයි
පිරිසිදු ලෙස සිටීම ලොකුම සම්පතයි
සුදු වුනාට කළු වුනාට
කාගෙත් ලේ රතු පාටයි
පාටක් ගැන තැවෙන්නෙ නූගත්කමටයි

කළුම කළූ
කට්ට කළූ
කළුම කළූ කට්ට කළූ
ලිපේ තියෙන දැලි අඟුරු
අහසේ පාවෙන කළු වැහි වලාකුළු
වත්තේ වැඩ තරණ කොලූ
නමත් කළූ හමත් කළූ
කළුවර මාසෙ පෝය දවස වගේලූ

කළුම කළූ
කට්ට කළූ
ලිපේ තියෙන දැලි අඟුරු ....//

ගායනය - ශිරෝමි ප්‍රනාන්දු
පද රචනය - අඥාතයි
තනුව - අඥාතයි

No comments: