මල් කියන්නෙ කාට කාට
ළමයින්ටයි පාට පාට....//
පෙළක් ළමුන් සුවඳ ගොඩයි
පෙළක් ළමුන් හරිම හැඩයි....//
පාසල මේ ළමයින්නේ
පොළොව යටයි නොපෙනෙන්නේ....//
තදින් වැස්ස වහින කලේ
මල් පාසල වතුර වලේ....//
වතුර පිරෙන වැහි කාලේ
නිවාඩු දෙයි ඉස්කෝලේ....//
නිවාඩුවට ඇදුම් ඔපේ
පෙන්වා මල් ළමුන් පිපේ....//
මල් කියන්නෙ කාට කාට
ළමයින්ටයි පාට පාට....//
පෙළක් ළමුන් සුවඳ ගොඩයි
පෙළක් ළමුන් හරිම හැඩයි....//
පාසල මේ ළමයින්නේ
පොළොව යටයි නොපෙනෙන්නේ....//
දැන් මල් පාසල් නිවාඩු
ළඟදී අපටත් නිවාඩු...//
ගායනය - නන්දා මාලිනී
පද රචනය - පී. බී. අල්විස් පෙරේරා
තනුව - නන්දා මාලිනී
No comments:
Post a Comment