සැවැන්දරා සුගන්ධයෙන් හිමාලයේ සිසිල් සුවෙන්
මගේ හිතයි ගතයි වෙලා සිනා සඳෙන් කැළුම් හෙළා ....//
ඔබයි බලන්නේ ඔබයි බලන්නේ //
රන්වන් කිංකිණි නාද නගන්නේ
සන්සුන් තාලෙට පාදෙ තබන්නේ ...//
නිල්වන් දෑසින් සීන මවන්නේ
ඉරෙන් උපන් හඳෙන් උපන් මලෙන් උපන් විලෙන් උපන්
ඔබයි බලන්නේ ඔබයි බලන්නේ
සැවැන්දරා සුගන්ධයෙන් හිමාලයේ සිසිල් සුවෙන්
මගේ හිතයි ගතයි වෙලා සිනා සඳෙන් කැළුම් හෙළා ....//
ඔබයි බලන්නේ ඔබයි බලන්නේ //
චන්දන කල්කෙන් තිලකෙ තියාලා
රන් කුඹු යුග්මය ළැමද දරාලා ...//
සල් සල් සල් මල සේම සැදීලා
එහේ ඉඳන් මෙහේ ඉඳන් දුරින් ඉඳන් ළඟින් ඉඳන්
ඔබයි බලන්නේ ඔබයි බලන්නේ
සැවැන්දරා සුගන්ධයෙන් හිමාලයේ සිසිල් සුවෙන්
මගේ හිතයි ගතයි වෙලා සිනා සඳෙන් කැළුම් හෙළා ....//
ඔබයි බලන්නේ ඔබයි බලන්නේ //
ගායනය - එම්.එස්. ප්රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - එස්. ෂන්මුගම්
සංගීතය - එස්. ෂන්මුගම්
චිත්රය fineartamerica වෙතින්
No comments:
Post a Comment