සුදා සුදා රෑ වුණා //
හඳහාමී හෙමින් හෙමින් ඈත පා වුණා
සේද වලා නීල තරූ හංගා ගන්නා
හා හා රෑ වුණා
හොඳා හොඳා තේරුණා //
ඔබ ආවේ හොරෙන් හොරෙන් මා ද බයවුණා
දැක්කෙම නෑ ආව හොරා හැංගී උන්නා
හෝ හෝ බේරුණා
මේ රැයේ ප්‍රියාදරී සොයා ආවේ
ආදරේ අපේ රහස සොයාලා ...//
ඈත කොවුලාගේ
මිහිරි ගී රාවේ
නාදෙ නින්නාදේ වේ ප්‍රියේ ශාන්ත රෑ මේ ...//
ශාන්ත සංගීතේ කොවුලාගේ
රහසකී නොකී ප්‍රේමේ
හොඳා හොඳා තේරුණා //
ඔබ ආවේ හොරෙන් හොරෙන් මා ද බයවුණා
දැක්කෙම නෑ ආව හොරා හැංගී උන්නා
හෝ හෝ බේරුණා
මාලතී ලතා ගහේ එතී පෑවේ
මා ඔබේ අතේ වෙළෙන විලාසේ ...//
ප්‍රේම මධුපානේ
බොන්න හඳපානේ
එන්න හිනැහීලා මා ප්‍රියේ රූපිකාවේ ...//
මේ තමා දෙෙවය දෙදෙනාගේ (ම්..)
මා ඔබේ අනූප්රාණේ
සුදා සුදා රෑ වුණා //
හඳහාමී හෙමින් හෙමින් ඈත පා වුණා
සේද වලා නීල තරූ හංගා ගන්නා
හා හා රෑ වුණා
ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
957 දී තදිරගතවූ "ශූරයා" චිත්‍රපටියේ ගීයකි.
තනුව ද්‍රවිඪ ගීයකින් උපුටා ගත්තකි.
No comments:
Post a Comment