ආදරේ මාගේ
මා දමා යන්නේ
කොහෙදෝ මේ
කොහෙදෝ මේ ....//
නිවසේ පහනේ
නෑ ආලෝකේ
ඔබ දැන් ගියෝතින් දමා මෙහි මා
ඔබ දැන් ගියෝතින් දමා ....//
ආ....
සඳ නැති අහසේ
විල මැද අඳුරේ ....//
කුමුදුනි වාගේ
තනිකරදා
ආදරේ මාගේ
මා දමා යන්නේ
කොහෙදෝ මේ
කොහෙදෝ මේ
පතිනිය හමුවේ
නැති සැප මිහිරේ
දෙව් ලෝකයේහී පවා නොලැබේ
දෙව් ලෝකයේහී පවා ....///
ආ....
ඇයි රැවටෙන්නේ
මට දුක දෙන්නේ ....//
කොහොමද ඉන්නේ
සැනසීලා
ආදරේ මාගේ
මා දමා යන්නේ
කොහෙදෝ මේ
කොහෙදෝ මේ ....//
ගායනය - ලතා වල්පොල
පද - ඩබ්. විල්ෆ්රඩ් සිල්වා
තනුව - හින්දි හෝ ද්‍රවිඪ ගීයකිනි.
සංගීතය - ටී.ආර්. පාපා
1960 දී තිරගතවූ "සුන්දර බිරිඳ" චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment