Thursday, May 2, 2019

බැබලේ මාගේ මේ

මවලා අනේ භූමි කාන්තා ආ... ආ.ආ.ආ.......
මායා ලෝකෙහී
පෙර පාපෙ දෝ මාගේ
සැපත කෝ ඕ... රාළේ

සිරිලිය ලෙස රූ දිලිසේ
බැබලේ මාගේ මේ යෞවන කාලේ
සිරිලිය ලෙස රූ දිලිසේ

මාලේ දාලා ආලෙ පාලා ඕ... රාළේ

සැපතේ ඉන්ටා මේ ලෝකේ
මේ කාලේ තාලේ වාගේ
ජෝඩුව සොයලා ආවානේ
ඕ...

තරමට ඔබිනා රුසිරී
අනඟා වාගේ මේ
කළුවර මාමේ
තරමට ඔබිනා රුසිරී

අනඟා වාගේ මේ
කළුවර මාමේ
තරමට ඔබිනා රුසිරී

කොණ්ඩේ බැඳලා මයිනා වාගේ ඕ... රාළේ

එළුවා වාගේ රැවුලා මේ
තට්ටේ දිලිසේ හඳමාමේ
ගැහැණිය වාගේ මුඩුමා මේ
ඕ...

විසිකර මසුරන් කාසී

ලබනූ මාගේ මේ සුන්දර ආලේ
විසිකර මසුරන් කාසී
ලබනූ මාගේ මේ සුන්දර ආලේ
විසිකර මසුරන් කාසී

ගායනය - ලතා වල්පොල සහ පිරිස
පද - ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
සංගීතය - ආර්. මුත්තුසාමි
1955 දී තිරගතවූ "මාතලන්" චිත්‍රපටියේ ගීයකි.

No comments: