දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ
ආයි ආයි ආපි ඔන්න සෙල්ලම් කාලේ ...//
මා පළවෙනි ආව කියල
අම්මට සන්තෝස හිතල
දෙනව කිවුව තෑගි ගෙනල්ලා
තාත්තා මට ආදරේලු
ආච්චි අම්ම හාදු දේලු
නැන්ද දේවි ඇඳුම් මසාලා
ආ... ආ....
දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ
ආයි ආයි ආපි ඔන්න සෙල්ලම් කාලේ ...//
කෝච්චියෙන් ගමට යනව
කිරියි පැණියි කාල එනව
පදින්න පුළුවනී ඔන්චිල්ලා
අක්කල නංගිලා එක්ක
කජු කඩලා අරන් කෙක්ක
කානව ළඟ ගඟට ගිහිල්ලා
ආ... ආ....
දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ
ආයි ආයි ආපි ඔන්න සෙල්ලම් කාලේ ...////.
ගායනය - සුයින් ප්‍රනාන්දු සහ මයිකල් ප්‍රනාන්දු (ද ජෙට්ලයිනර්ස්)
පද - කරුණාරත්න අබේසේකර
මුල් ගායනය - චන්ද්‍රාණි ගුණවර්ධන (එවකට ළමා පිටියේ චන්ද්‍රාණි රොද්‍රිගෝ)
චන්ද්‍රානි ගැයූ මුල්ම ගීය ද මෙයයි.
චන්ද්‍රානි ගැයූ මුල්ම ගීය ද මෙයයි.
මේ ගීය ගායනා කරන්නෙ මිනෝන් ප්‍රනාන්දු හා ටෝනි ප්‍රනාන්දු යුවලගේ ආදරණීය දරුවන් දෙදෙනා.
පුතා මයිකල් සමගින් මිනෝන් දැනට වාසය කරන්නෙ පෙන්සිල්වේනියාවෙ. ( U.S. state)
No comments:
Post a Comment