අපේ පැදුරෙන් මිදී කෙල්ලට
වාසලට යන්නට වුණා
අනේ ඒකිගෙ කැකුළු ඇඟ කඳ
හැම වෙලාවෙම සිහිවුණා
මාලිගාවෙන් අපේ ගෙපැලට
තෑගි බෝගත් හිමිවුණා
දුහුලු සළු පිළි සිහිල් ජල කෙළි
දුවට හිමි බව සැලවුණා
දුවට හිමි බව සැලවුණා
මහා සීගිරි ගලේ මුදුනක
උඹේ රුව සිත්තම් වුණා
එය බලන්නම හොරෙන් හවසක
මාත් එතැනට ගොඩවුණා
කරඬුවක් වගෙ උඹේ උඩුකය
අනෙක් උන් මැද දිලිසුණා
මගේ හුස්මක් ගැටී වෙන්නැති
දුවේ කළුගල හෙළවුණා
දුවේ කළුගල හෙළවුණා
පපුව ටික ටික මෙලෙක් වෙනකොට
එන්න වෙයි මං දන්නවා
උඹේ දූවිලි සුවඳ තැවරුණු
පැදුර තාමත් තියෙනවා
දැනුත් සීගිරි සිංහය
කට ඇරන් ඉන්නවා පේනව
ඒ ඉසව්වෙන් යද්දි මං පොඩි කෙල්ල හංගා ගන්නවා
පොඩි කෙල්ල හංගා ගන්නවා
ගායනය - සමන් ලෙනින්
පද - මහින්ද ප්රසාද් මස්ඉඹුල
තනුව - දර්ශන රුවන් දිසානායක
Ape Peduren Midee - Saman Lenin

No comments:
Post a Comment