Friday, October 18, 2019

විහඟ තුඩින්


විහඟ තුඩින්
කුරවීක නදින්
ඇසේවා සරස වසන්තයේ
මා හද මඬලේ
කැටපත් පවුරේ
එකම කුරුටු ගීතේ
අනන්ත ප්‍රේමාදරයේ

නේක වරුණා මල් රේණු උරනා බමරින්දූ
අපට ගයනවලු බිඟුමිණි දැල්
ගී සින්දූ

දහසක් මල් පිබිදේ අප ප්‍රාර්ථනාවෙන්
පර නොවී රැඳේවා
එකම මලක් හෝ
මා තුටු කඳුළින් දෙපා දොවා නිති පූජා කරණා
ප්‍රේමේ උතුම් නාමයෙන්

විහඟ තුඩින්
කුරවීක නදින්
ඇසේවා සරස වසන්තයේ
මා හද මඬලේ
කැටපත් පවුරේ
එකම කුරුටු ගීතේ
අනන්ත ප්‍රේමාදරයේ

නිමි නැති සංසාරේ
තනි මා සරණා හිම අරණේ
ඔබ පැමිණේවා රූ කුමරී හොයනා කුමරුන් සේ

දෙවියන් කොතැනද
අපි යමු එතැනට එදිනේ
සමුගැණුම් නොවේවා
මතු මතු ජන්මේ
සයුරු දෙරණ නිල් අහස පුරා
පෙම් චාමර සලනා
නින්නාද වී ඇසේවා

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ නිරෝෂා විරාජිනී
පද - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ස්ටැන්ලි පීරිස්


Vihanga Thudin - Edward Jayakody & Nirosha Virajini

No comments: