සඳ කෙමි වැගිරෙන රෑ පුරා
දැනුණා පපු සූරන කාරණා
පියවෙන නෙතු පිය රූරනා
සිහිනයේ
සැරිසරා
ජීවිතේ චාරිකා විමානේ
ආවෙමි පාවෙලා
හිත ආදර හැඟුමක සුව සොයනා
සැරි සරණෙමි පෙම සොයලා
හැම සිහිනෙක සිත බැඳි රුව මැවෙනා
හද සනසන රුව කොතැනා
අඳුරු දින ගෙන කාලේ ගෙවා
විඳිමි මේ රස හීනේ සදා
ළඟින් මීවිත රස විඳ
ජීවිත මධුවිත, මා
තරුමල් කඩා ගගනේ විමනක් තනා
සැතපෙන්න යහනක් මවා
පවනක් මතින් යමි වියනක් එලා
ලද ජීවිතේ ඵල නෙළා
ජීවිතේ චාරිකා විමානේ
ආවෙමි පාවෙලා
හිත ආදර හැඟුමක සුව සොයනා
සැරි සරණෙමි පෙම සොයලා
හැම සිහිනෙම සිත බැඳි රුව මැවෙනා
හද සනසන රුව කොතැනා
අඳුරු දින ගෙන කාලේ ගෙවා
විඳිමි මේ රස හීනේ සදා
ළඟින් මීවිත රස විඳ
ජීවිත මධුවිත, මා
සඳ කෙමි වැගිරෙන රෑ පුරා
දැනුණා පපු සූරන කාරණා
පියවෙන නෙතු පිය රූරනා
සිහිනයේ
සැරිසරා
හිත ආදර හැඟුමක සුව සොයනා
සැරි සරණෙමි පෙම සොයලා
හැම සිහිනෙම සිත බැඳි රුව මැවෙනා
අඳුරු දින ගෙන කාලේ ගෙවා
විඳිමි මේ රස හීනේ සදා
ළඟින් මීවිත රස විඳ
ජීවිත මධුවිත, මා
ගායනය - සන්දීප් ජයලත්
පද - ශෙහාන් ගලහිටියාව
සංගීතය - නිමේශ් කුලසිංහ
දෙරණ රූපවාහිනිය මගින් විකාශය වන "දෙවැනි ඉණිම" ටෙලි නාට්‍යයේ ගීයකි.
පහත වීඩියෝවේ පූර්ණ අයිතිය "දෙරණ" රූපවාහිනිය සතුයි.
No comments:
Post a Comment