Thursday, October 30, 2025

ජලේ මේ දැන් සීත

ජලේ මේ දැන් සීත

ජලේ මේ දැන් සත ප්‍රබෝදේ

පීනාලා වැවේ

සන්තෝස වේය දැන් හා හා


ජලේ මේ දැන් සීත

ජලේ මේ දැන් සත ප්‍රබෝදේ

පීනාලා වැවේ

සන්තෝස වේය දැන්


පරමා විනෝදේ බෝ වේ

ආලෝකේ දේය ඔබගේ


පරමා විනෝදේ බෝ වේ

ආලෝකේ දේය ඔබගේ


හෝ මා ප්‍රේමේ සනසාවි //


අපි ප්‍රීති ප්‍රීති වෙමු එක් වී යස සේ නෑරා 

සන්තෝෂ වේය දැන් ...//


මඳ මඳ පවනේ රේණු සලා යයි

සවන පිනා යයි ගී රස ධාරේ

යෞවන ප්‍රේමේ මෝරා මෝරා //


යෞවන ප්‍රේමේ මෝරා මෝරා //

මොරා හර්දෙ පිරේවි ආලේ


අපි ප්‍රීති ප්‍රීති වෙමු එක් වී යස සේ

නෑරා සන්තෝෂ වේය දැන්

හා හා


ජලේ මේ දැන් සීත

ජලේ මේ දැන් සත ප්‍රබෝදේ

පීනාලා වැවේ

සන්තෝස වේය දැන්


ගායනය – භාග්‍යරති සහ පිරිස

පද - ඩී.ටී. ප්‍රනාන්දු

සංගීතය - මොහොමඩ් ගවුස්


1947 දී තිරගතවූ "අ⁣ශෝකමාලා" චිත්‍රපටියේ ගීයකි.




"ගී අරණ ගී මී" යූටියුබ් නාළිකාවෙන්...

No comments: