කරුණා ජලේ ගලනා.....
තරුණියගේ...
පොකුණෙකී හර්දේ...
ඇගෙ ආදර ප්‍රේමේ //
පොකුණෙහි මල පිබිදෙන්නා
ඇගෙ ආදර ප්‍රේමේ පොකුණෙහි මල පිබිදෙන්නා
සුළඟේ සෙලවෙන්නා //
ඇගෙ ආදර ප්‍රේමේ
හිරු දෙවි නැගේ සිනාව පා උදේ....
සුකුමාල ඈගේ හදවතේ පෙම් පැණී..
යතී උතුරා
දී ගුමු ගුමු නාදේ//
බඹරෝ රංචු ගැසීලා
දී ගුමු ගුමු නාදේ බඹරෝ රංචු ගැසීලා
මලෙ මල් පැණි බීලා //
දී ගුමු ගුමු නාදේ
එය දැකලා
කඳුළු හළා
සමුදුර රතුවෙලා සූර්යා ගිලෙන්නා
සමුදුර රතුවෙලා සූර්යා ගිලෙන්නා
මල පරවී හඬන්නා වන බඹරෝ හැර යනා
මල පරවී හඬන්නා වන බඹරෝ හැර යනා
ඈ නොපෙනී තනි වුණා ලොව සැම දේම නැතිවුණා //
හා ආ අ ආ...
ඇගෙ ආදර ප්‍රේමේ //
පොකුණෙහි මල පිබිදෙන්නා
ඇගෙ ආදර ප්‍රේමේ
ගායනය – රුක්මණී දේවි
ගීත ප්‍රබන්ධය – පී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීත අධ්‍යක්ෂණය – බී. එස්. පෙරේරා
1949 වසරේදී තිරගතවූ "පෙරළෙන ඉරණම" චිත්‍රපටියේ ගීයකි.
තනුව හින්දි හෝ වෙනත් ඉන්දීය ගීයකිනි.

No comments:
Post a Comment