Thursday, November 13, 2025

මන්ත්‍රිකම දිනනවා

මන්ත්‍රිකම දිනනවා  

මන්ත්‍රිකම දිනනවා ....//


නම්බු ලබමි වැදි සභාවේ

ජොලිය මාගේ ඒ තමා


මන්ත්‍රිකම දිනනවා  

මන්ත්‍රිකම දිනනවා ....//


හොඳ කාලේ දිනුම් ලබාලා

වැඩි ඡන්දේ හොරෙන් දමාලා

මගෙ ඡන්ද ලකුණ ගොළුබෙල්ලා

මගෙ ඡන්ද ලකුණ ගොළුබෙල්ලා ...//


දැන් කාලෙ හොඳයි

ගුරු සිකුරු උච්ච මගෙ කේන්ද්‍රේ ...//


මැතිතුමා මැතිතුමා

ගෑණුන්ගෙ ඡන්දෙත් මට තමා


නම්බු ලබමී වැදි සභාවෙි

නම්බු ලබමී වැදි සභාවෙි

ජොලිය මාගේ මේ තමා

ජොලිය මාගේ මේ තමා


මන්ත්‍රිකම දිනනවා

මන්ත්‍රිකම දිනනවා ...//


ගායනය - බර්ට්‍රම් ප්‍රනාන්දු

පද - සී. වීරසේකර

සංගීතය - මොහොමඩ් ගවුස්


1951 දී තිරගතවූ "සැඟවුණු පිළිතුර" චිත්‍රපටියේ ගීයකි.

No comments: