ලේ කිරි දීලා (ආ..ආ...ආ..
ලේ කිරි දීලා ගියෙ සුර ලෝකේ
මා ඔබෙ දෝණී ආදර මාතා ....//
තුරුළෙහි නළවා මගෙ ප්‍රිය මාතා
දුනි අවවාදේ මා මුව සිඹලා
ආදර මවුනී ඔබෙ ගුණ සිහිවී //
නෙතින ගලාවී කඳුළැලි ධාරා
මා ඔබෙ දෝණී ආදර මාතා
ඔබෙ ආත්මයටා කිසි දුක නොලැබී
දෙව් ලොව සැපතා විඳුමා වේවා
ඔබගේ මුහුණා දකිනට තුටිනා //
සුර ලොවෙ දෙදෙනා හමුවෙමු මතු දා
මා ඔබෙ දෝණී ආදර මාතා
ලේ කිරි දීලා ගියෙ සුර ලෝකේ
මා ඔබෙ දෝණී ආදර මාතා
ගායනය - රුක්මණී දේවි
පද - සී. වීරසේකර
සංගීතය - මොහොමඩ් ගවුස්
1951 දී තිරගතවූ "සැඟවුණු පිළිතුර" චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment