Thursday, November 13, 2025

නෑ නෑ දැන් කකුල මගේ වේදනා

නෑ නෑ දැන් කකුල මගේ වේදනා

ඇන්නෑවේ නැත්තෙ මොකද වේදනා

වේදනා

හා හා මං ඒකෙ හොරේ දන්නවා


නෑ නෑ මට ඒක නිකන් කියවුණා

ඇන්නෑවේ නැත්තෙ මොකද වේදනා

වේදනා

හා හා මං ඒකෙ හොරේ දන්නවා


බඹරා වගේ මාගේ ආලේ රුං රුං ගා

ඇයි මේ බොරූ චාටු මායා //


නැන්සී මාගේ සිම්සන් නෝනා //


ආලේ මායාවකී පෙම් ලොවෙහී

මේ පෙම් ලොවෙහී


ඕ ප්‍රේම කුමාරී


හා හා මං ඒකෙ හොරේ දන්නවා

ඇන්නෑවේ නැත්තෙ මොකද වේදනා

වේදනා

හා හා මං ඒකෙ හොරේ දන්නවා


පොරවේ වැදී අයියෝ කකුලේ රිදේ හෝගා


ආලෙන් ඇස් පොට්ට වී අනංගා //


ඇයි මේ බොරු කොන්ත නෝනා

ඇයි මේ බොරු නැන්සී නෝනා


ආලේ මායාවකී පෙම් ලොවෙහී

මේ පෙම් ලොවෙහී


ඕ ප්‍රේම කුමාරී


හා හා මං ඒකෙ හොරේ දන්නවා

නෑ නෑ මට ඒක නිකන් කියවුණා

ඇන්නෑවේ නැත්තෙ මොකද වේදනා

වේදනා

හා හා මං ඒකෙ හොරේ දන්නවා


ගායනය - ලැටීෂියා පීරිස් සමග එඩී ජයමාන්න

පද - සී. වීරසේකර

සංගීතය - මොහොමඩ් ගවුස්


1951 දී තිරගතවූ "සැඟවුණු පිළිතුර" චිත්‍රපටියේ ගීයකි.

No comments: