සිංහල චිත්‍රපටි ගීත

Thursday, December 11, 2025

"රදළ පිළිරුව" චිත්‍රපටියේ ගීත



"රදළ පිළිරුව" චිත්‍රපටියේ ගීත.

සිංහල සිනමා වංශකථාවේ 25 වැනි ඇසි-දිසි චිත්‍රපටියයි, "රදළ පිළිරුව" (1954)


චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය 

එස්. දක්ෂිණමූර්ති

වෙළඳ තැටි - කොළම්බියා 1957


මෙහි ඇතුළත් ගී වල "නාමය" (Title) මත ක්ලික් කිරීමෙන් එම ගීයේ කේවල පලකිරීමට යොමු විය හැක. ගීයේ වැඩිමනත් තොරතුරු ඇත්තේ එතැනයි.


1. මල් පෙති රළ රැළි අතරේ


ගායනය - ජමුණා රාණි සමග මොහිදීන් බෙග්

පද - ඩී.ටී. ප්‍රනාන්දු

තනුව - විනෝද්

තැටි අංකය  - GES. 1006


1954 දී භාරතයේ තිරගතවූ "Laadla" චිත්‍රපටියට ආශා බෝස්ලේ සමග තලාත් මෙහෙමුද් ගැයූ "Pyar Nahin Chupta" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීතය


Song - Pyar Nahi Chupta Chupane Se

Singers - Asha Bhosle & Talat Mahmood

Lyricist - Kaif Irfani

Music Composer - Vinod

Movie - Laadla (1954)




2. පෙම් ලෝකේ නයන රසී පෙම්


ගායනය - ලතා වල්පොල

පද - ඩී.ටී. ප්‍රනාන්දු

තනුව - ශන්කර් ජායිකිෂන්

තැටි අංකය  - GES. 1006


1953 දී තිරගතවූ "Aurat" චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගායනා කළ, "Nainon Se Nain Hue Char" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



තනුව උපුටා ගත් හින්දි ගීතය

Song - Naino se nain hue char

Singer - Lata Mangeshkar

Lyricist - Hasrat Jaipuri

Composer: Shankar (Shankar Singh Raghuvanshi) & Jaikishan (Jaikishan Dayabhai Panchal) 

Movie - Aurat (1953)




3. මිහිර පෙන්නා දී


ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල

පද - ඩී.ටී ප්‍රනාන්දු

තනුව - ශන්කර් ජායිකිෂන්

තැටි අංකය  - GES. 1006


1951 දී තිරගතවූ "Nadaan" චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගායනා කළ, "Saari Duniya Ko Peeche" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීතය


Song - Sari duniya ko pichhe chhod kar

Singer - Lata Mangeshkar

Lyricist - Pyarelal Santoshi

Composer - Chic Chocolate

Movie - Nadaan (1951)




4. දින දිනේ අඳුරෙ යයි


ගායනය - ලතා වල්පොල

පද - හර්බට් එම්. සෙනෙවිරත්න

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1951 දී භාරතයේ තිරගතවූ Buzdil හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ "Rote Rote Guzar Gayi Raat Re Aayi Yaad" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීතය

Singer - Lata Mangeskhar

Lyricist - Kaifi Azmi

Music Composer - Sachin Dev Burman

Movie - Buzdil(1951)





ගායනය - ජමුනා රාණි සමග මොහිදීන් බෙග් සහ පිරිස

පද - ඩී.ටී. ප්‍රනාන්දු

තනුව - ශන්කර් ජායිකිෂන්

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1952 දී භාරතයේ තිරගතවූ Boot Polish හින්දි චිත්‍රපටියට ආශා බෝස්ලේ සමග මොහොමඩ් රාෆි ගැයූ "Tumhare Hain Tumse Daya Mangte Hain" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීතය

Singers - Asha Bhosle & Mohammed Rafi

Lyricist - Shailendra (Shankardas Kesarilal)

Music Composer - Shankar Jaikishan (Shankar Singh Raghuvanshi & Jaikishan Dayabhai Panchal)

Movie - Boot Polish (1954)




6. ආලේ කාවි කාලේ

ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල

පද - ඩී.ටී. ප්‍රනාන්දු

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1951 දී භාරතයේ තිරගතවූ Bade Bhaiya හින්දි චිත්‍රපටියට ශම්ෂාඩ් බෙගම් සමග ජී.එම්. දුර්රාණි ගැයූ "Hello Sai Hello" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



තනුව උපුටා ගත් හින්දි ගීතය

Singers - G. M. Durrani & Shamshad Begum

Lyricist - Manohar Khanna

Music Composer - Prem Nath

Movie - Bade Bhaiya (1951)





ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල

පද - හර්බට් එම්. සෙනෙවිරත්න

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1954 දී භාරතයේ තිරගතවූ "Aar-Paar" හින්දි චිත්‍රපටියට ගීතා දත් සමග මොහොමඩ් රාෆි ගැයූ "Sun Sun Sun Zalima" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීතය


Singers - Geeta Dutt (Geeta Ghosh Roy Chowdhuri) & Mohammed Rafi

Lyricist - Majrooh Sultanpuri

Music Composer - Omkar Prasad Nayyar

Movie - Aar-Paar (1954)





ගායනය - ලතා වල්පොල

පද - හර්බට් එම්. සෙනෙවිරත්න

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1954 දී තිරගතවූ "Taxi Driver" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ "Dil Se Milake Dil" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීතය

Singer - Lata Mangeshkar

Lyricist - Sahir Ludhianvi

Music Composer - Sachin Dev Burman

Movie - Taxi Driver (1954)





ගායනය - ජමුණා රාණී සහ පිරිස

පද - ඩී.ටී. ප්‍රනාන්දු

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1952 දී භාරතයේ තිරගතවූ Jaal හින්දි චිත්‍රපටියට ගීතා දත් ගායනා කළ Jor lagaake haiya යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



තනුව උපුටා ගත් හින්දි ගීතය

Song - Jor lagaake haiya

Singer - Geeta Dutt (Geeta Ghosh Roy Chowdhuri)

Lyricist - Sahir Ludhianvi

Music Composer - Sachin Dev Burman

Movie - Jaal (1952)





ගායනය - ලතා වල්පොල

පද - ඩී.ටී. ප්‍රනාන්දඅ

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1953 දී තිරගතවූ "Jaggu" චිත්‍රපටියට මධුබාලා ශාවරී ගායනා කළ "O Chunnu O Munnu" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීතය

Singer - Madhubala Zaveri

Lyricist - Bharat Vyas

Music Composer - Hansraj Behl

Movie - Jaggu (1952)




මේ ගී තනුවටම ගායනා වූ ගීයක්, 1955 දී තිරගතවූ "සැඩ සුළං" චිත්‍රපටියට ද ඇතුළත් වුණා. "ඕ එන්න" යන එම ගීය ගායනා කළේ කේ. රාණි.

මෙන්න "ගී අරණේ" එම ගීයට යොමුව


ගායනය - ලතා වල්පොල සහ පිරිස
පද - හර්බට් එම්. සෙනෙවිරත්න
සංගීතය - එස්. දක්ෂිණමූර්ති


මෙම ගී තනුවට ගැයුණු තවත් ජනප්‍රිය ගීයකි කුල්ලෙන් පොලා පොලා නම් ගීය.

ගායනය  - ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා  සහ රුද්‍රාණි ලියනගේ

පද  - කරුණාරත්න අබේසේකර

සංගීතය  - බී. ඇස්. පෙරේරා





ගායනය - ජමුණා රාණී

පද - ඩී.ටී. ප්‍රනාන්දු

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1952 දී තිරගතවූ "Aar Paar" චිත්‍රපටියට මධුබාලා ශාවරී ගායනා කළ "O Chunnu O Munnu" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


1954 දී තිරගතවූ Aar-Paar හින්දි චිත්‍රපටියට ශම්ෂාඩ් බෙගම් ගායනා කළ Kabhi aar kabhi Paar යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



තනුව උපුටා ගත් හින්දි ගීතය

Song - Kabhi aar kabhi Paar

Singer - Shamshad Begum

Lyricist - Majrooh Sultanpuri

Music Composer - Omkar Prasad Nayyar

Movie - Aar-Paar (1954)




13. නාමේ නාමේ නන්දනා

මේ ගීයේ යහපත් තත්වයේ සුරැකුමක් නැත.

තවද වාර්තා ගත විස්තර වල හීනතාව නිසා ද පද ඇමිණීමට නොහැක.


මේ ගීයේ තනුවට විවියන් ද සිල්වා බොරලැස්ස මහත්මිය ගායනා කළ ගීය ඔබට හොඳින් මතක ඇතිවාට සැකයක් නෑ.

"නංගී නංගී රූපිකා"


මගේ පෙට්ටගමේ නාමේ නාමේ ගීයේ කොටසක් සහිත හඬ ඛණ්ඩයක් තිබී හමුවුණා.

එය ද අහලා බලන්න..



සුපුරුදු පරිදි අරුණ ගුණරත්න මහතා (සරසවිය කලා පුවත්ප⁣තේ හිටපු කතෘ) ගෙන එන, "රදළ පිළිරුව" චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝව.

No comments:

Post a Comment