Wednesday, February 4, 2026

දොයි දොයි දොයි දොයිය පුතා

දොයි දොයි දොයි දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා (ආ...

දොයි දොයි දොයි දොයිය පුතා

බයි බයි බයි බයිය පුතා  


කමණී පින්සරා 

මුව සිරි දිලෙන්නා

පුබුදූ කුසුම සේ 

මුකුළූ පාන පුතා ...//


හඳ මාමා ගෙනෙයි කිරි පැණි කලතලා


හඳ මාමා ගෙනෙයි කිරි පැණි කලතලා

රස මිහිරේනී මා පුතාටා

නාඩා මා තුරුළේ නිදා ඉන්න පුතා


දොයි දොයි දොයි දොයිය පුතා

බයි බයි බයි බයිය පුතා  


මගෙ අභිලාසේ ඉටුවේ තිරසරා

ඔබ වේ මාගේ ඉටුදෙවි කුමාරා ....//


රජ ශ්‍රී වංශයෙහී දිනි මා වීරා


රජ ශ්‍රී වංශයෙහී දිනි මා වීරා

ලොව කීර්තී සිරිණී දිනේවා


දේවා ශ්‍රී සරණේ ලබා දොයිය පුතා


දොයි දොයි දොයි දොයිය පුතා

බයි බයි බයි බයිය පුතා (ආ...

දොයි දොයි දොයි දොයිය පුතා

බයි බයි බයි බයිය පුතා  


ගායනය - ලතා වල්පොල

පද රචනය - ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු

තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි


1955 දී තිරගත "මාතලන්" චිත්‍රපටියේ ගීයකි.




චිත්‍රපටියේ රූප රාමු



No comments: