මල් පිපෙන හැඩයි
සුදටයි රතටයි
මම රෑ දුටු හීනෙ හැබැයි
මම රෑ දුටු හීනෙ හැබැයි ....//
පෙම් සිහින මවා පෙම් කූඩු බැඳා
පෙම් සිහින මවා පෙම් කූඩු බැඳා
ඇයි පෙම් සිත පාරල ගියෙ පිටි පා
ඇයි පෙම් සිත පාරල ගියෙ පිටි පා
ආ ආ.. ඕ..ඕ.. ඕ....ඕ..
එයා බොහොම රතුයි
මම හොඳට සුදුයි ...//
ගිරවයි ගිරවියි වගෙ
දෙන්නම කෝඩු තමයි
අපි දෙන්නම කෝඩු තමයි
දලු ලාපු ගහේ මල් පිපෙන හැඩයි
සුදටයි රතටයි
මම රෑ දුටු හීනෙ හැබැයි
මම රෑ දුටු හීනෙ හැබැයි
ඔබෙ සැපත තමා
මගෙ සැපත සිතා
ඔබෙ සැපත තමා
මගෙ සැපත සිතා
මා වැළපෙමි වියෝ ගිනි කඳුළු පෙරා //
හා... ඕ... ඕ... ඕ...
අපි දෙන්න හොඳයිදෙන්නම කැකුළුයි
ලැජ්ජයි ආයි ආයි හිත
ටික් ටික් ගාල නටයි
හිත ටික් ටික් ගාල නටයි
දලු ලාපු ගහේ මල් පිපෙන හැඩයි
සුදටයි රතටයි
මම රෑ දුටු හීනෙ හැබැයි
ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා
පද - සිරිසේන විමලවීර
සංගීතය- ටී.එෆ්. ලතීෆ්
1957 දී තිරගවූ "සිරකරුවා" චිත්‍රපටියේ ගීයකි.
තනුව හින්දි හෝ දමිළ ගීයකින් උපුටා ගනු ලැබූවකි.
No comments:
Post a Comment