Tuesday, March 31, 2026

සැමදාම ඔබ මගේ කියා

සැමදාම ඔබ මගේ කියා
ආදරෙන් කියා

ඒ රාත්‍රි කාලයේ මැව් පෙම්

සිහින කෝ දයා ....//


බැඳි ඒ සුරම්‍ය ආලය

අද දේවි වේදනා


ඔබ ඇයි අනේ ගියේ මා හැර

දැවෙමි සෝකෙනා

නැත මා අත වැරදී 

යළි මා වෙතට එනු සොයා


සැමදාම ඔබ මගේ කියා

ආදරෙන් කියා

ඒ රාත්‍රි කාලයේ මැව් පෙම්

සිහින කෝ දයා


සුදු රන් කඳේ කියා

යළි අමතන්නෙ කාටදෝ


මට මේ දුකත් සැපයි

ඔබ සැනසී සිටින් සුදෝ

අද මේ උණු කඳළූ 

ඔබ වෙනුවෙන් හෙළන්නෙ මා


සැමදාම ඔබ මගේ කියා

ආදරෙන් කියා

ඒ රාත්‍රි කාලයේ මැව් පෙම්

සිහින කෝ දයා

සැමදාම ඔබ මගේ ....


ගායනය - ධර්මදාස වල්පොල

පද - හර්බට් එම්. සෙනෙවිරත්න

තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි


1957 දී තිරගතවූ "සිරියලතා" චිත්‍රපටියේ ගීයකි.




ගීයේ සිනමා දර්ශන..




No comments: