මට නුඹ හිමි නැති බැව්
සිත නෑ අදහන්නේ
සිත හැඬුවා ඇති දැන්
ඔබ නෑ යළි එන්නේ
වත හසරැල් ගවසා
ගිනියම් මා හිත ඉකි බින්දා
ඒ ද නො ඒ දැයි සිතමින්
මගෙ හිත මග බලමින් උන්නා
ලොවම කෙසේ කීවත්
ඔබ යළි ඒ යැයි සිත කීවා
මට නුඹ හිමි නැති බැව්
සිත නෑ අදහන්නේ
සිත හැඬුවා ඇති දැන්
ඔබ නෑ යළි එන්නේ
අඳුර එළිය නොපෙනී
කළ දේ කී දේ නොදනී
මුදා නොහැර මසිතින්
රඳවා ගත් වරද මගෙයි
යළි උපදින්න සිතා
විගසින් මිය යන්න සිතෙයි
මට නුඹ හිමි නැති බැව්
සිත නෑ අදහන්නේ
සිත හැඬුවා ඇති දැන්
ඔබ නෑ යළි එන්නේ
මට නුඹ හිමි නැති බැව්
සිත නෑ අදහන්නේ
සිත හැඬුවා ඇති දැන්
ඔබ නෑ යළි එන්නේ
ආ.....
අඅආ......
ගායනය - අනුරාධා පෙරේරා
පද - අයන්ති ප්‍රනාන්දු
තනුව - අමිල දිල්හාන්
සංගීතය - අමිල දිල්හාන්
මේ ගීය රූපවාහිනී වැඩ සටහනක...
ගායන ශිල්පී අමල් පෙරේරා ද එලෙස රූපවාහිනී වැඩසටහනකදී ගායනා කළා.
No comments:
Post a Comment