Thursday, September 17, 2026

මැලවී යන්නා හද මාගේ

මැලවී යන්නා හද මාගේ

මල පරවන සේ

සඳ බැස යන සේ

මැලවී යන්නා හද මාගේ


තොරතුරු නැත්තේ ඇයි පෙර වාගේ

සැක බිය පාරේ සිත පාවේ ....//


මැලවී යන්නා හද මාගේ

මල පරවන සේ

සඳ බැස යන සේ

මැලවී යන්නා හද මාගේ

මේ ඇයි නංගී 


මේ ඇයි නංගී

විපතක් වත් දෝ

නෑ නෑ දෙවියෝ රැක දෙත්වා

නෑ නෑ දෙවියෝ රැක දෙත්වා


මැලවී යන්නා හද මාගේ

මල පරවන සේ

සඳ බැස යන සේ

මැලවී යන්නා හද මාගේ


මා ප්‍රිය ස්වාමී ශීලා ප්‍රේමී

කඳුළෙන් නෑවී ළතවන්නේ ....//


මැලවී යන්නා හද මාගේ

මල පරවන සේ

සඳ බැස යන සේ

මැලවී යන්නා හද මාගේ


සිහිනෙන් නංගී ඇයි මා දුටුවේ

රාහුට චන්දුා අසුවෙනවා ...//


මැලවී යන්නා හද මාගේ

මල පරවන සේ

සඳ බැස යන සේ

මැලවී යන්නා හද මාගේ


ගායනය - රුක්මණී දේවි

පද - හියුබත් දිසානායක

සංගීතය - සජාද් හුසේන්


1959 දී තිරගතවූ "දෛවයෝගය" චිත්‍රපටියේ ගීයකි.




ගීයේ සිනමා රූප රාමු

No comments: