කරදිය ගැඹරේ තුන්යම ගෙවුණේ
නුඹුගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත් පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ
කිරිකැටි පුතුනේ
අව්වට වැගිරෙන දාදිය වැස්සේ
කළු ගල් තලලා මහ මං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
කිරිකැටි පුතුනේ
කිරිකැටි පුතුනේ
දුම්රොටු අතරේ කමුහල් ඇතුලේ
දැති රෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ
කිරිකැටි පුතුනේ
කරදිය ගැඹරේ තුන්යම ගෙවුණේ
නුඹුගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත් පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ
කිරිකැටි පුතුනේ
ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - ප්‍රේමකුමාර ජයවර්ධන
තනුව - රෝහණ වීරසිංහ
නුඹුගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත් පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ
කිරිකැටි පුතුනේ
අව්වට වැගිරෙන දාදිය වැස්සේ
කළු ගල් තලලා මහ මං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
කිරිකැටි පුතුනේ
කිරිකැටි පුතුනේ
දුම්රොටු අතරේ කමුහල් ඇතුලේ
දැති රෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ
කිරිකැටි පුතුනේ
කරදිය ගැඹරේ තුන්යම ගෙවුණේ
නුඹුගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත් පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ
කිරිකැටි පුතුනේ
ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - ප්‍රේමකුමාර ජයවර්ධන
තනුව - රෝහණ වීරසිංහ
එඩ්වඩ් ජයකොඩි සරල ගී ශිල්පියෙකු ලෙස ගුවන් විදුලියේ වරම් ලබන්නටත් පෙර, මේ ගීය ගයන්නට අවස්ථාව ලැබුණේ ජී.එස්.බී. රාණි පෙරේරා මහත්මිය නිෂ්පාදනය කළ " ප්රබුද්ධ ගී" වැඩසටහනටයි. එඩ්වඩ්ගේ පළමු ගුවන් විදුලි ගීයයි.
No comments:
Post a Comment