නෙතු දැහැන් බිඳී හද විමන් වදී
සුරඟනක් වගෙයි කුමරී
සෙනෙහසින් බැඳී සිත ගිමන් නිවී
පෙම් කවක් ලියයි මිහිරී ...//
ඝණඳුරෙන් මිදී තරු රැහැන් ඇදී
සිහිනයෙන් වඩී කුමරී
මීදුමෙන් ඇදී සිහිලසින් එතී
නෙතු අගින් බලයි සොඳුරී
නෙතු දැහැන් බිඳී හද විමන් වදී
සුරඟනක් වගෙයි කුමරී
සෙනෙහසින් බැඳී සිත ගිමන් නිවී
පෙම් කවක් ලියයි මිහිරී
හසඟනන් පිරී පෙති පියුම් හරී
කළඹවයි විලේ වැතිරී
සඳ කැළුම් රිදී තුරු අගින් මිදී
නෙක දසුන් මවයි කිඳුරී
නෙතු දැහැන් බිඳී හද විමන් වදී
සුරඟනක් වගෙයි කුමරී
සෙනෙහසින් බැඳී සිත ගිමන් නිවී
පෙම් කවක් ලියයි මිහිරී
පෙම් කවක් ලියයි මිහිරී //..
ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - සරත් ආනන්ද ඩිරෙක්ස්
තනුව - කළණි පෙරේරා
No comments:
Post a Comment