Thursday, January 12, 2017

සුනිල ගුවනෙ පායා

සුනිල ගුවනෙ පායා දිළෙන්නා පුන්සිසි මනහාරා
විහිදාලා සිය රැස් දහරා

අවට තාරකා මුතු මෙන් දිළිසේ
වලාකුළින් තොර වූ අහසේ

විලේ විලේ පියුම් දිළේ//

වැදී ජලය ලෙළ දේ
මනහර ඒ සඳ කැන් දහරා

සුනිල ගුවනෙ පායා දිළෙන්නා පුන්සිසි මනහාරා
විහිදාලා සිය රැස් දහරා

සුනිල දියේ රැළ නැඟ ඒ
මද මරු හමන වෙලේ

රිදී බුබුළු මෙන් තරඟෙට පාවේ //
මතුපිට සුනිල් ජලේ
මද මරු හා කරමින ක්‍රීඩා

සුනිල ගුවනෙ පායා දිළෙන්නා පුන්සිසි මනහාරා
විහිදාලා සිය රැස් දහරා

නෙළමු පියුම් මේ රෑ පොහොදා
කරනට මුනි පූජා ...//
සැදේ සැදේ ඉන් සඟ මොක් සැපතා //
ප්‍රේම සැපත හා ශ්‍රී සෞභාග්‍යා

පතා කරමු පූජා
සුපිපුණ මේ කුසුමන් නෙළලා

සුනිල ගුවනෙ පායා දිළෙන්නා පුන්සිසි මනහාරා
විහිදාලා සිය රැස් දහරා

ගායකය - ආනන්ද සමරකෝන් සහ ස්වර්ණා ද සිල්වා
පද හා තනුව - ආනන්ද සමරකෝන්

No comments: