Friday, January 13, 2017

හෙමින් සැරේ පියා විදා


හෙමින් සැරේ පියා විදා

හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

ආ.. අආ... අආ.. අආ.. අ ආඅ ආ..
ආ.. අආ... අආ.. අආ.. අ ආඅ ආ.. (ආ ....... ආ ....... අආආ........)

මලක් නම් එය මලක් වුව මැන
සිනිඳු සුකොමල ආ.. අආ.... රුවෙන් සරසන

විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර ආ.. අආ...  දියෙන් උපදින

හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

ආ.. අආ... අආ.. අආ.. අ ආඅ ආ..
ආ.. අආ... අආ.. අආ.. අ ආඅ ආ.. (ආ ....... ආ ....... අආආ........)

නැවුම් වත්සුණු රොනින් මත්වී
නීල නිම්නය ආ.. අආ... සුපුෂ්පිත වෙයි

සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා ආ.. අආ... පවුරු සිරි යහනේ

හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

ආ.. අආ... අආ.. අආ.. අ ආඅ ආ..
ආ.. අආ... අආ.. අආ.. අ ආඅ ආ.. (ආ ....... ආ ....... අආආ........)

ගායනය - ටී.එම්. ජයරත්න සහ සුනිලා අබේසේකර
පද රචනය - ධර්මසේන පතිරාජ
තනුව හා සංගීතය - ප්‍රේමසිරි කේමදාස

1980 දී තිරගත වූ "හංස විලක්' චිත්‍රපටියේ ගීයකි.

No comments: