Wednesday, October 21, 2020

සීගිරියේ කුරුටු ගීත

සීගිරියේ කුරුටු ගීත ලස්සනයි
ඒ ලස්සන ගී ලියන්න බෑ මට දුකයි

මුළු කොලේ පුරා ලීවේ එක පේළියයි

මුළු හදවතින්ම මම ඔබ හට ආදරෙයි 

සීගිරියේ කුරුටු ගීත ලස්සනයි


අටවක සඳ පොඩි වුණාට හරි හැඩයි

පුර හඳටත් වැඩියෙන් අවිහිංසකයි

ඒ තරම්ම මගෙ සෙනෙහස සුන්දරයි

මට කියා දෙන්න බෑ මම හරි අසරණයි


සීගිරියේ කුරුටු ගීත ලස්සනයි

ඒ ලස්සන ගී ලියන්න බෑ මට දුකයි

මුළු කොලේ පුරා ලීවේ එක පේළියයි

මුළු හදවතින්ම මම ඔබ හට ආදරෙයි 

සීගිරියේ කුරුටු ගීත ලස්සනයි


හීන වලට හුරු කෙරුවේ ඔබ තමයි

හීන වලින් ඈත්වෙන්න මට බයයි

ඒ හීනෙට මම තවමත් ආදරෙයි

අහිමි වෙන්න එපා ඔබට පව් පිරෙයි


සීගිරියේ කුරුටු ගීත ලස්සනයි

ඒ ලස්සන ගී ලියන්න බෑ මට දුකයි

මුළු කොලේ පුරා ලීවේ එක පේළියයි

මුළු හදවතින්ම මම ඔබ හට ආදරෙයි 

සීගිරියේ කුරුටු ගීත ලස්සනයි


ගායනය - ප්‍රින්ස් උදය ප්‍රියන්ත

පද - ලලිත් වසන්ත

තනුව - ජයසිරි අමරසේකර



No comments: