Thursday, June 13, 2024

රැල්ලේ කිරි වැල්ලේ

රැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී
ජීවනයේ ප්‍රේමෙ මැණික් පෑදේවී
ප්‍රේම අමා පානේ මුව බේරේවී
ලෝකෙ ම මා පා මුළ මෙන් තේරේවී

මැණිකෙ ලැබුණි මාගේ
පෙර පිනකින් වාගේ
ඕලු නෙලුම් මානෙල් මධු සංයෝගේ
විහිළු කරයි ප්‍රේමෙට අප දෙන්නාගේ

රැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී
ජීවනයේ ප්‍රේමෙ මැණික් පෑදේවී

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා
නොදන්නවාද සිහින ලොවෙදිත් මා ප්‍රේම කළා

ගම්මානේ පෙම් සිහිනේ
පෙම් සිහිනේ
එළිවෙන්නේ ගම්මානේ

අසරණ කෙල්ලකි මා කුල සිරිතට දෙන්නෙ නැතී
මට දායාද මොටද ඔබේ සිනා රැල්ල ඇතී

දැනගෙන රහස අපේ
කෙකටිය කැකුළු පිපේ ....//

ඕලු නෙලුම් මානෙල් මධු සංයෝගේ
විහිළු කරයි ප්‍රේමෙට අප දෙන්නාගේ

රැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී (ආ... අඅආ... අඅ ආ ආ ආ...
ජීවනයේ ප්‍රේමෙ මැණික් පෑදේවී

හැම ඇඟ ලේ බිඳුවෙම සොඳුරිගෙ මල් මුහුණ තිබේ
මිණි මුතු කුඩු වාගේ ඔය පා දූවිල්ල ඔබේ

ගම්මානේ පෙම් සිහිනේ
පෙම් සිහිනේ
එළිවෙන්නේ ගම්මානේ

කපන්න බැහැ බැස යන වතුර පාර දෙකට පලා
බිඳින්න බැහැ අපගේ ප්‍රේම බැම්ම අකුල් හෙලා

එක හිත ඔබෙයි මගෙයි
අහසයි සඳයි වගේ...//

ඕලු නෙලුම් මානෙල් මධු සංයෝගේ
විහිළු කරයි ප්‍රේමෙට අප දෙන්නාගේ

රැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී
ජීවනයේ ප්‍රේමෙ මැණික් පෑදේවී

රැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී (ආ... අඅආ... අඅ ආ ආ ආ...
ජීවනයේ ප්‍රේමෙ මැණික් පෑදේවී

ගායනය - අල්හාජ් මොහිදීන් බෙග් සමග ජී.එස්. බී. රාණී පෙරේරා
පද - - කරුණාරත්න අබේසේකර
තනුව - රෝෂන් ලාල් නාග්රාත්
සංගීතය - පී.එල්. ඒ. සෝමපාල

1958 දී තිරගතවූ "දෙයියන්ගෙ රටේ" චිත්‍රපටියේ ගීයකි.

මෙම ගීය සඳහා තනුව උපුටා ගෙන ඇත්තේ 1957 දී භාරතයේ තිරගතවූ "දෝ රොටී" ප්‍රහසන හින්දි චිත්‍රපටියට සුමන් කල්‍යාන්පූර් සමග ශන්කර් දාස්ගුප්ත ගායනා කළ "Sunlo Aji Sunlo" යන ගීයෙනි.




හින්දි ගීතය

Thak dina din dina din
Thak dina din din
Dina din 
Chak dina din Thak dina din
Dina din Dinana dinana din

Sunlo Aji Sunlo
Sunlo Pate Ki Baat
Sunlo Aji Sunlo Pate Ki Baat
Roti Bina Jivan Hai Kali Raat
Sunlo Aji Sunlo Pate Ki Baat
Roti Bina Jivan Hai Kali Raat
Sunlo Aji Sunlo, Sunlo Ji Sunlo
Sunlo Aji Sunlo Pate Ki Baat
Roti Bina Jivan Hai Kali Raat
Sunlo Aji Sunlo Pate Ki Baat
Roti Bina Jivan Hai Kali Raat

Thak dina din dina din
Thak dina din din
Dina din 
Chak dina din Thak dina din
Dina din Dinana dinana din

Roti Bin Tirchi Najar
Patli Kamar Nahi Bhaye
Roti Bin Pee Ki Lagan
Dil Ka Milan Tut Jaye
Tut Jaye Tut Jaye Tut Jaye
Roti Bin Tircahhi Najar
Patli Kamar Nahi Bhaye
Roti Bin Pee Ki Lagan
Dil Ka Milan Tut Jaye
Roti Bin Sajni Ruthe
Haye Haye Sajna Chhute
Roti Bin Sajni Ruthe
Haye Haye Sajna Chhute

Roti Bin Ulfat Bhi Bhaye Na
Roti Bina Jivan Hai Kali Raat
Sunlo Aji Sunlo Pate Ki Baat
Roti Bina Jivan Hai Kali Raat

Sunlo Aji Sunlo Pate Ki Baat
Roti Bina Jivan Hai Kali Raat
Sunlo Aji Sunlo Pate Ki Baat
Roti Bina Jivan Hai Kali Raat

Thak dina din dina din
Thak dina din din
Dina din 
Chak dina din Thak dina din
Dina din Dinana dinana din

Bukh Jab Tode Sitam
Fute Karam Dil Ho Kale
Pas Jab Ho Hi Na Dhan
Beche Badan Rup Wale
Rup Wale Rup Wale
Bukh Jab Tode Sitam
Fute Karam Dil Ho Kale
Pas Jab Ho Hi Na Dhan
Beche Badan Rup Wale
Chor Ban Jaye Koi
Jari Failaye Koi
Chor Ban Jaye Koi
Jari Failaye Koi
Roti Bin Ulfat Bhi Bhaye Na
Sunlo Aji Sunlo Pate Ki Baat
Roti Bina Jivan Hai Kali Raat

Sunlo Aji Sunlo Pate Ki Baat
Roti Bina Jivan Hai Kali Raat
Sunlo Aji Sunlo Pate Ki Baat
Roti Bina Jivan Hai Kali Raat

Thak dina din dina din
Thak dina din din
Dina din 
Chak dina din Thak dina din
Dina din Dinana dinana din

Dina din Thak dina din din ..////

Singers - Shankar Dasgupta & Suman Kalyanpur
Lyricist - Khumar Barabankvi
Composer - Roshanlal Nagrath (Roshan)
Movie - Do Roti (1957)

හින්දි ගීය කඩතොළු සහිතය. දුර්වල වීඩියෝව වෙනුවට වඩා යහපත් එකක් රගෙන ඒමට උත්සාහ කරමි.



මෑතකදී, එනම් මීට වසර දෙකකටට පමණ ඉහත, සිංහල ගීය රසිකයින් අතර නැවත රැව් පිළිරැව් දුන්නා, අක්ක නගෝ දෙදෙනෙකු එය නව ආරෙකට ඉදිරිපත් කිරීම තුළ. 

මේ පහත තිබෙන්නේ මේ දෙදෙනා රියලිටි වැඩසටහනක කළ ඉදිරිප් කිරීම. වීඩියෝවේ පූර්ණ අයිතිය "සිරස" රූපවාහිනිය සතුය. නොමනා ලෙස යොදා නොගන්නා ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.



ටයිනි පමුදිතා (අක්කා) සහ නවංජනා හිමංසි (නංගී) මේ ගීය නිසාම බොහෝ රූපවාහිනී වැඩසටහන් සඳහා කැඳවනු ලැබුවා.
"චරණ" රූපවාහිනියේ "යූත් ආ(ර්)ට් බීට් වැඩසටහනට වැඩ සටහනේ රූප රාමු ද ඉදිරිපත් කරන්නේ එම නාලිකාවට ස්තුතිය පිළිගන්වමින්.
අනිසි කටයුතු වල යොදා ගන්න එපා. බැගෑපත්ව ඉල්ලා සිටිනවා.



No comments: