Sunday, November 2, 2025

මගේ පද්මිණීගෙ රූපෙ

මගේ පද්මිණීගෙ රූපෙ නිසා ආමි සොයා මන් නුඹටා ආලේ පාලා

කුමරි ආලේ පාලා

ශ්‍රියාවි මනමාලී වෙන්කො ආදරේ


මේ මොකද මේ මිනිහා කියන කතා

ඔය විගඩම් මට හරි නෑ


මගේ පද්මිණීගෙ රූපෙ නිසා ආමි සොයා මන්


කසාදේ බැඳලා පවුල් වෙලා

දුක් ගන්නේ ඇයි ද අනේ

ඕනෑම නෑ මට ඕනෑම නෑ

දැන් කාලේ ඔය තාලේ වේ බොරු ආලේ


මගේ පද්මිණීගෙ රූපෙ නිසා ආමි සොයා මන්


මේ මොකද මේ උලමා කියන කතා

කට වහපන් කට වහපන්


නෑ මගෙ දෝසේ ඇයි ඇන්නෑවේ

මේ කරනා අපරාදේ


ගුටි බැට කාලයි යන්නේ


ඒවට බය නෑ කැමැත්ත කියපන්

ආලේ පුදන්ට නුඹටා


ආලේ පුදන්ට මෙ මටා


ඔව් කුමරී කෝප නොවී

ආලේ මට පුදනු පණේ


පලයන් කොසු පාර නොකා


ජොසී බබා වාගෙ නිසා

ආවා මගෙ පද්මි සොයා

ආලේ වෙනු බැහැ නොකියා

කැමතිද පද්මා

ඉතින් කැමතිද පද්මා


නැහැ නැහැ නැහැ කැමතිම නැහැ

ඇයි ඔරවන්නේ

හොඳමයි මං කැමති වුනොත්

ඔය ආලේ ඇත්තට ද


අද ලෝකේ බොරුවට මිස

ඇත්තට නැහැ කොයි ආලෙත්


අපි දෙදෙනාගේ පෙම්බර ආලේ

නෑ බබලන ඉර සඳ වාගේ


නෑ පෙර⁣ළෙන ඉරණම වාගේ


ජීවිතේ නැසුණත් බැන්ද මේ ආලේ

පුදනෙමි මං නුඹටා


අදින්නෙ බොරු බේගල්


මගෙ කපුටී කෝප නොවී

ආලේ මට පුදනු අනේ


පල කපුටෝ පාර නොකා


ගායනය - ලැටීෂියා පීරිස් සහ එඩී ජයමාන්න

පද - මර්සිලීනු ඇල්බට්

සංගීතය - බී.එස්. පෙරේරා

තැටි  අංකය  - WN. 514

(His Master's Voice)


1950 දී තිරගතවූ "හදිසි විනිශ්චය" චිත්‍රපටියේ ගීයකි.


No comments: