Saturday, March 14, 2026

මාව අල්ලපන් බබෝ

කං කං බූරු
කං කං බූරු
කං කං බූරු
සිං සිංඤෝරු

මාව අල්ලපන් බබෝ අල්ලපන්

මාව අල්ලපන් බබෝ අල්ලපන්


ඕ... ඔඔ ඕ

දුවපන් අරන් වරෙන්

නැට්ට නැති නිල් කොළවලින්

බැරිනම් අපහු පලයන්


ඕ... ඔඔ ඕ... දුවපන් අරන් වරෙන්

නැට්ට නැති නිල් කොළවලින්

බැරිනම් අපහු පලයන්


කං කං බූරු

කං කං බූරු

කං කං බූරු

සිං සිංඤෝරු

මාව අල්ලපන් බබෝ අල්ලපන්

මාව අල්ලපන් බබෝ අල්ලපන්


ඕ... ඔඔ ඕ...

ආලය රූපෙ නිසයි

නැත්නම් කාසිවටයි

අද අප තරුණ මත මෙයයි


ඕ... ඔඔ ඕ... ආලය රූපෙ නිසයි

නැත්නම් කාසියටයි

අද අප තරුණ මත මෙයයි

කාසිය රූපෙ නැතොත් කාසි

මේ දෙක තකට තක වගෙයි


කං කං බූරු

කං කං බූරු

කං කං බූරු

සිං සිංඤෝරු

මාව අල්ලපන් බබෝ අල්ලපන්

මාව අල්ලපන් බබෝ අල්ලපන්


ඕ... ඔඔ ඕ...

ගැටවරයෝ 

චක් ගුඩු ගුඩු ගුඩු ගුඩු ගුඩු 

ඊට පස්සෙ දෙපිල බෙදී

චක් ගුඩු ගුඩු පනිමු අපී

පුළුවන්නම් අල්ලගන්නවා


ඕ... ඔඔ ඕ...

ඔට්ටුව ගැන නෑ දෙඩුවේ

මා දිනුවොත් ඔයා මගේ

ඔයා දිනයි කියල බයයි මා (ආ....


කං කං බූරු

කං කං බූරු

කං කං බූරු


සිං සිංඤෝරු

මාව අල්ලපන් බබෝ අල්ලපන්

මාව අල්ලපන් බබෝ අල්ලපන්


ගායනය - පුෂ්පරාණී ආරියරත්න සමග කෝකිලදේවි වීරතුංග

පද - සිරිසේන විමලවීර

සංගීතය - ටී.එෆ්. ලතීෆ්


මෙම ගීතය සඳහා යොදාගත් තනුවට ගායනා වන ගීයක්, 1958 දී භාරතයේ තිරගතවූ Baghi Sipahi හින්දි චිත්‍රපටියේ අඩංගුය.


චිත්‍රපට වල දර්ශන රූ ගත කරන්නට පෙර බොහෝ චිත්‍රපටි වල ගීත පටිගත කිරීම් සිදුවේ.

⁣"සිරකරුවා" චිත්‍රපටියට තනුව ලබාගත්තේ Baghi Sipahi චිත්‍රපටියට ගායනා වූ "Chinchin Pappulu" යන ගීයෙනි.

එම ගීය ගායනා කළේ ආශා බෝස්ලේ සමග මන්නා ඩේ.


සිද්ධ වුණේ සිංහල චිත්‍රපටිය ලංකාවේ ප්‍රදර්ශනයට නිකුත් කිරීම ඉක්මන් වීම.

"සිරකරුවා" 1957 ජනවාරි 25 වැනිදා තිරගත වුණා. හින්දි චිත්‍රපටිය 1958 පෙබරවාරි 27 භාරතයේ දී ප්‍රදර්ශනයට නිකුත් වූවා.


අපි යොමුවෙමු සිංහල ගීයට.

මේ ගීය පුෂ්පරාණී ආරියරත්න සහ කෝකිලදේවී වීරතුංග ගායනා කළ බවයි සඳහන් වන්නේ.

එනමුත් කෝකිලදේවී වීරතුංග මහත්මිය සමග ප්‍රසිද්ධ පුවත්පතක් කළ සාර සංග්‍රහයක දී වීරතුංග මහත්මිය වෙතින් ප්‍රකාශ වෙලා තියෙනවා, ගීය ගැයුවේ තමා සමග එතුමියගේ දුව මාදංගනී වීරතුංග බව.




මෙන්න හින්දි ගීතය

चिंचन पप्पुलु चिंचन पप्पुलु

चिंचन पप्पुलु छुई मुई मई

छू न लेना मुझे छु न लेना

छू न लेना मुझे छु न लेना


आंखिया जो मिली जा से जैम चले

मुफ्त बदनाम हुए

फिर ये शोख नजर

ठंडी ाहो का असर

तुझे पहचान गए हम

चिंचन पप्पुलु

चिंचन पप्पुलु

चिंचन पप्पुलु

लेके मेरा दिल जान

लेना मुझे छु न लेना

छू न लेना मुझे छु न लेना


हो लोग संझा के

थके रह जतलाके थके

फिर भी मैं हार गयी दिल

बड़े नादाँ जो हो

कोई क्या जाने यहाँ

प्यार की है कोई मुश्किल

चिंचन पप्पुलु

चिंचन पप्पुलु

चिंचन पप्पुलु

लेके मेरा दिल जान

लेना मुझे छु न लेना

छू न लेना मुझे छु न लेना

थोडा थोडा थोडा प्यार बढ़ा

मुझपे तेरे तुझपे

मेरा जादू चला


chinchan pappulu chinchan pappulu

chinchan pappulu chui mui mai

chu na lena mujhe chu na lena

chu na lena mujhe chu na lena


aankhiya jo mili ja se jam chale

muft badnam hue

fir ye sokh najar thandi aaho ka asar

tujhe pahchan gaye hum

chinchan pappulu chinchan pappulu

chinchan pappulu

leke mera dil jan lena mujhe chu na lena

chu na lena mujhe chu na lena


ho log samjha ke thake rah jatlake thake

fir bhi mai har gayi dil

bade nadan jo ho koi kya jane yaha

pyar ki hai koi muskil

chinchan pappulu chinchan pappulu

chinchan pappulu

leke mera dil jan lena mujhe chu na lena

chu na lena mujhe chu na lena

thoda thoda thoda pyar badha

mujhpe tere tujhpe mera jadu chala


Singers - Asha Bosle & Manna Dey

Lyricist - Shailendra

Music - Shankar Jaikishan

Movie - Baghi Sipahi (1958)

No comments: