Sunday, March 15, 2026

"සිරකරුවා" චිත්‍රපටියේ ගීත



සිංහල සිනමා වංශකථාවේ 40 වැනි ඇසිදිසි (කතානාද) චිත්‍රපටියයි "සිරකරුවා".

මේ චිත්‍රපටියේ කිසිම දෙයක් ඉතිරිවෙලා නෑ.

අද මේ ගෙන එන තොරතුර පෞද්ගලිකව සංරක්ෂණය කරගත් දේ හැටියටයි පවතින්නෙ.

අඩංගු වූ ගී හතෙන් එකක් මට ඔබට ඉදිරිපත් කරන්න ලැබෙන්නෙ නෑ. මා දන්නා තරමින් ඒ ගීය සොයාගන්නට නැහැ. කවරෙකු ළඟ තිබේ නම්, කරණාකර ඒ තොරතුරු ලබාදෙන්න.

චිත්‍රපටිය නිෂ්පාදනයේදී අර්බුධ රැසක් පැවතියා. ඒ සේරම තොරතුරු "සරසවිය" කලා පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ අඑුණ ගුණරත්න මහතා ඉදිරිපත් කරන වීඩියෝවේ ඇතුළත්. එය මේ පලකිරීමේ අග තිබෙනවා.

මා ඔබට ගීත ටික  ඉදිරිපත් කරන්නම්

1. ටිකිරි ටිකිරි ටිකිරිලියා

ගායනය - සිසිර සේනාරත්න
පද - සිරිසේන විමලවීර
සංගීතය - ටී.එෆ්.  ලතීෆ්

1955 දී භාරතයේ තිරගතවූ ශ්‍රී 420 චිත්‍රපටියට මන්නා ඩේ ගායනා කළ "Dil Ka Haal Sune Dil Wala" යන ගීයේ තනුවට නිර්මානයවූ ගීයකි.



තනුව උපුටා ගත් හින්දි ගීය.

Song - Dil ka haal sune dilwala
Singer - Manna Dey (Prabodh Chandra Dey)
Lyricist - Shailendra (Shankardas Kesarilal)
Composer - Shankar Jaikishan (Shankar Singh Raghuvanshi & Jaikishan Dayabhai Panchal)
Movie - Shree 420 (1955)


මෙම තනුවටම ගැයෙන තවත් ගී දෙකක් සිංහල චිත්‍රපටි දෙකක හමුවේ.


1. සරා ගොයියා හරි මිනිහා

2. ලොවේ දෙයියො සල්ලි තමා


2. ලෝ පාලන ශ්‍රී විෂ්ණු


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා

පද - සිරිසේන විමලවීර

සංගීතය- ටී.එෆ්. ලතීෆ්



ඉහත ගීයට තනුව උපුටා ගත්තේ කුමන ගීයකින් දැයි තහවුරු කරගත් පසු ඉදිරිප් කරන්නම්.

පහත ඇත්තේ, "ගී අරණ ගී මී" යූටියුබ් නාලිකාවේ ස්ථාපිත අදාල ගීයයි.




ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා

පද - සිරිසේන විමලවීර

සංගීතය- ටී.එෆ්. ලතීෆ්




ඉහත ගීය "ගී අරණ ගී මී" යූටියුබ් නාලිකාවේ මෙලෙස ස්ථාපිතයි.


4. සංසාරෙ මංමුලාවූ

ගායනය - පුෂ්පරාණී ආරියරත්න

පද - සිරිසේන විමලවීර

සංගීතය- ටී.එෆ්. ලතීෆ්


මේ ගීය සංරක්ෂණය වී නොමැති නිසා ඉදිරිපත් කිරීමට නොහැක.


5. පරමෝත්තම බුදු පියේ


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා

පද - සිරිසේන විමලවීර

සංගීතය- ටී.එෆ්. ලතීෆ්



"ගී අරණ ගී මී" යූටියුබ් නාලිකාවේ ඉහත ගීය මෙලෙසින් ස්ථාපිතයි.




ගායනය - හරූන් ලන්ත්‍රා

පද - සිරිසේන විමලවීර

සංගීතය- ටී.එෆ්. ලතීෆ්


1954 දී භාරතයේ තිරගතවූ "Saltanat" චිත්‍රපටියට ආශා බෝස්ලේ ගායනා කළ "Hum The Intezar Mai" යන ගීයේ තනුවට නිර්මානයවූ ගීයකි.



ගීයේ මෙම ගීය "ගී අරණ ගී මී" යූටියුබ් නාලිකාවේ මෙලෙසින් ස්ථාපිතයි.


හින්දි ගීය

Singer - Asha Bhosle

Lyricist -Gopal Singh) Nepali

Music Director - Chitragupt

Movie - Sultanat (1954)





ගායනය - පුෂ්පරාණී ආරියරත්න සමග කෝකිලදේවි වීරතුංග

පද - සිරිසේන විමලවීර

සංගීතය - ටී.එෆ්. ලතීෆ්


මෙම ගීතය සඳහා යොදාගත් තනුවට ගායනා වන ගීයක්, 1958 දී භාරතයේ තිරගතවූ Baghi Sipahi හින්දි චිත්‍රපටියේ අඩංගුය.


චිත්‍රපට වල දර්ශන රූ ගත කරන්නට පෙර බොහෝ චිත්‍රපටි වල ගීත පටිගත කිරීම් සිදුවේ.

⁣"සිරකරුවා" චිත්‍රපටියට තනුව ලබාගත්තේ Baghi Sipahi චිත්‍රපටියට ගායනා වූ "Chinchin Pappulu" යන ගීයෙනි.

එම ගීය ගායනා කළේ ආශා බෝස්ලේ සමග මන්නා ඩේ.


සිද්ධ වුණේ සිංහල චිත්‍රපටිය ලංකාවේ ප්‍රදර්ශනයට නිකුත් කිරීම ඉක්මන් වීම.

"සිරකරුවා" 1957 ජනවාරි 25 වැනිදා තිරගත වුණා. හින්දි චිත්‍රපටිය 1958 පෙබරවාරි 27 භාරතයේ දී ප්‍රදර්ශනයට නිකුත් වූවා.


අපි යොමුවෙමු සිංහල ගීයට.

මේ ගීය පුෂ්පරාණී ආරියරත්න සහ කෝකිලදේවී වීරතුංග ගායනා කළ බවයි සඳහන් වන්නේ.

එනමුත් කෝකිලදේවී වීරතුංග මහත්මිය සමග ප්‍රසිද්ධ පුවත්පතක් කළ සාර සංග්‍රහයක දී වීරතුංග මහත්මිය වෙතින් ප්‍රකාශ වෙලා තියෙනවා, ගීය ගැයුවේ තමා සමග එතුමියගේ දුව මාදංගනී වීරතුංග බව.




මෙන්න හින්දි ගීතය

Singers - Asha Bosle & Manna Dey

Lyricist - Shailendra

Music - Shankar Jaikishan

Movie - Baghi Sipahi (1958)



"සිරකරුවා" චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඇතුළත් වී ඩියෝව ඔබට ඉදිරිපත් කරන්නේ, "සරසවිය" කලා පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ අරුණ ගුණරත්න මහතා විසිනි.


No comments: