Wednesday, March 11, 2026

ටිකිරි ටිකිරි ටිකිරිලියා

ඕ....  ඕ..... ඕ ඕ ඕ.....

ටිකිරි ටිකිරි ටිකිරිලියා


ටිකිරි ටිකිරි ටිකිරිලියා

කළෙත් අරන් ළිඳට ගියා

ළිඳ වටකර කබරගොයා

කකුල කාපි දියබරියා


තාන තිනානේ බලලා


පාන මුවාවට පැනලා


ඕ... තාන තිනානේ බලලා

පාන මුවාවට පැනලා

මූණ පුරා තෙල් ගාලා

ගෑණු නටයි රා බීලා

ටිකිරි ටිකිරි ටිකිරිලියා


ටිකිරි ටිකිරි ටිකිරිලියා

කළෙත් අරන් ළිඳට ගියා

ළිඳ වටකර කබරගොයා

කකුල කාපි දියබරියා


අතුරු මිතුරු දෙමට මිතුරු


දඹදිවතුරු රාජකපුරු


ඕ... අතුරු මිතුරු දඹදිවතුරු

උඩින් හකුරු යටින් කතුරු

දෙගිඩි හිතක් උඩු යටිකුරු

ගහනව පෙරළී උඩුකුරු

සකල බුජන් කොට කලිසන්


ටිකිරි ටිකිරි ටිකිරිලියා


අම්බලමේ පිනා පිනා


අම්බලමේ පිනා පිනා

වළං කදක් ගෙනා ගෙනා

ඒක බිඳපි ගොනා ගොනා

අපට මොකද හිනා හිනා

ඉඳා රුකුල් බරව කකුල්

සකල බුජන් කොට කලිසන්


ටිකිරි ටිකිරි ටිකිරිලියා

කළෙත් අරන් ළිඳට ගියා

ළිඳ වටකර කබරගොයා

කකුල කාපි දියබරියා


ඕ....  ඕ..... ඕ ඕ ඕ.....

තාන තිනානේ බලලා


පාන මුවාවට පැනලා


තාන තිනානේ බලලා

පාන මුවාවට පැනලා

මූණ පුරා තෙල් ගාලා

ගෑණු නටයි රා බීලා

ඉඳා රුකුල් බරව කකුල්


ටිකිරි ටිකිරි ටිකිරිලියා

කළෙත් අරන් ළිඳට ගියා

ළිඳ වටකර කබරගොයා

කකුල කාපි දියබරියා


ගායනය - සිසිර සේනාරත්න

පද - සිරිසේන විමලවීර

සංගීතය- ටී.එෆ්. ලතීෆ්


1957 දී තිරගවූ "සිරකරුවා" චිත්‍රපටියේ ගීයකි.


1955 දී භාරතයේ තිරගතවූ ශ්‍රී 420 චිත්‍රපටියට මන්නා ඩේ ගායනා කළ "Dil Ka Haal Sune Dil Wala" යන ගීයේ තනුවට නිර්මානයවූ ගීයකි.




තනුව උපුටා ගත් හින්දි ගීය

पाँव में लेकिन बेड़ी पड़ी है
तागा देता है दौलतवाला

दिल का हाल सुने दिलवाला
सीधी सी बात न मिर्च मसाला
कहके रहेगा कहनेवाला
दिल का हाल सुने दिलवाला

सुन लो मगर ये
किसी से न कहना
तिनके का लेके
सहारा न बहना
तिनके का लेके
सहारा न बहना
बिन मौसममाल
हार न जाना
आधी रात को
मच्छिल लाना
वरना पकड़
लेगा पुलिसवाला

दिल का हाल सुने दिलवाला
सीधी सी बात न मिर्च मसाला
कहके रहेगा कहनेवाला
दिल का हाल सुने दिलवाला

Song - Dil ka haal sune dilwala
Singer - Manna Dey (Prabodh Chandra Dey)
Lyricist - Shailendra (Shankardas Kesarilal)
Composer - Shankar Jaikishan (Shankar Singh Raghuvanshi & Jaikishan Dayabhai Panchal)
Movie - Shree 420 (1955)


මෙම තනුවටම ගැයෙන තවත් ගී දෙකක් සිංහල චිත්‍රපටි දෙකක හමුවේ.


1. සරා ගොයියා හරි මිනිහා

2. ලොවේ දෙයියො සල්ලි තමා

No comments: