මලට ආ බඹරා
මල තලා නොහැරා
මධු රසේ උරලා
ගනිති ඌ නිතරා ....//
ප්‍රේම පුෂ්පය හද තුළ පිපුණා
මිහිරි ගී හඬ දස අත ඇසුණා ....//
කොමල නාරී රූපේ නිතිනා //
අනඟ සැර වැදිලා පිබිදුණා
මලට ආ බඹරා
මල තලා නොහැරා
මධු රසේ උරලා
ගනිති ඌ නිතරා
ආලෙ මීරියි මී පැණි සේමා
කවුද ආලෙට බිය වන්නේ
ආලෙ නැතිදා කුමටද මේ ලෝ
එනිස මා සැනසී සිටින්නේ
හෝ .. හොඕ ඔඕ....
ආඅඅආ... ආඅඅආ
ආ අඅආ අඅආ...
ලා ලාලා ලල් ලල් ලල් ලල් ලා..
මලට ආ බඹරා
මල තලා නොහැරා
මධු රසේ උරලා
ගනිති ඌ නිතරා
ගායනය - මෝහන් කුමාරි
පද - ඒ.ජේ. ද සොයිසා
සංගීතය - සී.එන්. පාණ්ඩුරංගන්
1959 දී තිරගතවූ "සිහිනය" චිත්‍රපටියේ ගීයකි.
හින්දි හෝ දමිළ ගී තනුවකි.
ශ්‍රවණ ගුණය දුර්වලයි.