Thursday, October 30, 2025

භවේ භීත

භවේ භීත හැර දේශිත තිලොනා ධර්මේ රසේ //

තෘෂ්ණා ජාලේ මායා ලෝකේ //

රාගෙන් පැටලී මෝහ විකාරේ

තෘෂ්ණා ජාලේ මායා ලෝකේ

රාගෙන් පැටලී මෝහ විකාරේ


ගිලී කාම අඳුරේ භව ආලේ

දෝෂ සෙව්වෝ කාම මෙලෝකේ //

ආල වැඩුවෝ ධ්‍යාන මනාපේ

තිලොනා ධර්මේ රසේ


භවේ භීත හැර දේශිත තිලොනා ධර්මේ රසේ //


වනසා පාපේ මෝක්ෂේ මාර්ගේ

මෝක්ෂේ මාර්ගේ //

මෝක්ෂේ මාර්ගේ //

මෝක්ෂේ මාර්ගේ පරම ශාන්තවූ //නිර්වාණේ නිර්වාණේ

තෘෂ්ණා ජාලේ මායා ලෝකේ //

මායා.. මායා… මායා….


ගායනය – ඩබ්.ඩී. ඇල්බට් පෙරේරා

(පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව)

පද - ඩී.ටී. ප්‍රනාන්දු

සංගීතය - මොහොමඩ් ගවුස්


1947 දී තිරගතවූ "අ⁣ශෝකමාලා" චිත්‍රපටියේ ගීයකි.


"ගී අරණ ගී මී" යූටියුබ් නාළිකාවෙන්..



No comments: