Saturday, January 24, 2026

"මතභේදය" චිත්‍රපටියේ ගීත



සිංහල සිනමා වංශකථාවේ 28 වැනි ඇසි-දිසි (කථානාද) චිත්‍රපටියයි "මතභේදය".


එය 1955 අප්‍රේල් 14 වැනිදා ප්‍රදර්ශනයට නිකුත් වූවා.


'සිලෝන් තියටර්ස්' මණ්ඩලයේ සිනමාහල් 19 ක මුල් වරට ප්‍රදර්ශනයට ඉදිරිපත් කෙරුණා.


⁣බී.ඒ.ඩබ්. ජයමාන්න මේ චිත්‍රපටිය නිෂ්පාදනය කළා. තිරකතාව, දෙබස් හා අධ්‍යක්ෂණයත් ඔහුගේමැයි.


රුක්මණී දේවි, බී.ඒ.ඩබ්. ජයමාන්න, එඩී ජයමාන්න, මාක් සමරනායක, සේනාධීර කුරුප්පු හා පීටර් පීරිස් මෙහි චරිත නිරූපණය කළා.

මේබල් බ්ලයිත් සිනමාවට හඳුන්වා දුන්නෙත් මෙම චිත්‍රපටිය තුළින්.


මතභේදය චිත්‍රපටියේ නිෂ්පාදනය සම්බන්ධ සියළු තොරතුරු මේ පලකිරීමේ අග ඇති වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එනවා, "සරසවිය" කලා පුවත්පතේ හිටපු කතෘ අරුණ ගුණරත්න මහතා.


එසේ හෙයින් මා යොමුවෙනවා චිත්‍රපටියේ ඇතුළත්වූ ගීත වෙතට.


ඔක්කොම ගීත 10 ක් මේ චිත්‍රපටියට ඇතුළත් වුණා. ඉන් ගීත දෙකක් තැටිගත කළේ නැහැ.

සංගීත අධ්‍යක්ෂණය කළේ ආර්.ඒ. චන්ද්‍රසේන.

ගීත ප්‍රබන්ධ ක⁣ළේ ඒ.ජේ. ද සොයිසා.


ගීත පටිගත කළේ මදුරාසියේ 'සිටඩෙල්' චිත්‍රාගාරයේ දී.

"හිස් මාස්ටර්ස් වොයිස්" ලේබලයෙන් නිකුත් වූ ගී තැටි WN. 557 සිට WN. 561 අංකනයෙන් යුක්ත වූවා.


"සිංහලයා මෝඩයා" හා "ගින්නකී හද මාගේ" යන ගීත දෙකයි, තැටියට නොනැඟුණේ.


සටහන :-

මෙහි අඩංගු සෑම ගීයකම වඩා වැඩි විස්තර සහිත කේවල පලකිරීමක් "ගී අරණ අඩවියේ අඩංගුය.

එම කේවල ගීයට යාමට ගීයේ නාමය මත කොටන්න


1. සමුදුරේ සොයා


ගායනය - සූර්ය රාණී සමග රුක්මණී දේවි

පද - ඒ.ජේ. ද සොයිසා

තනුව - නෞෂාද් අලි

සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන


1955 දී තිරගතවූ "මතභේදය" චිත්‍රපටියේ ගීයකි.


1955 දී තිරගතවූ "Uran Khatola" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ 

"Mera salaam le ja" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීය

Song - Mera salaam le ja

Singer - Lata Mangeshkar

Lyricist - Shakeel Badayuni

Compose - Naushad Ali

Movie - Uran Khatola (1955)





ගායනය - මොහිදීන් බෙග්

පද - ඒ.ජේ. ද සොයිසා

තනුව - ගුලාම් මොහොමඩ්

සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන


1955 දී තිරගතවූ "මතභේදය" චිත්‍රපටියේ ගීයකි.


1953 දී තිරගතවූ "Dil E Nadan" චිත්‍රපටියට තලාත් මෙහෙමුද් ගායනා කළ 

"Zindagi Denewale Sun" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




මෙම ගීයේ පසු කාලීනව කළ ගායනයක්



තනුව උපුටා ගත් හින්දි ගීතය

Song - Zindagi dene vale sun
Singer - Talat Mahmood
Lyricist - Shakeel Badayuni
Composer - Ghulam Mohammad
Movie - Dil-E-Nadan (1953)



3. සිංහලයා මෝඩයා

මෙම ගීය තැටිය නැඟුණේ නැත.
සිංහල ගීය මා ළඟත් නැහැ. අන්තර්ජාලයේ හමුවන්නෙත් නෑ.

ගීය ගැයුවේ මේබල් බ්ලයිත් සමග එඩී ජයමාන්න.
ඒ මිලී සහ විලයම් චරිත සඳහා

මිලී - සිංහලයා මෝඩයා කැවුම් කන්ට යෝදයා

විලියම් - ආදි කාලෙ ඒ කතා
හරියන්නෙ නෑ මෙදා
ගෑණු මොලේ හැඳි මිටේ
දිගය කියා කී කටේ

මිලී - ඔබනව තණ කොළ සොයා
මා හිටියා නම් එදා

🔸 ගීය ශ්‍රවණය සඳහා ලද විටක සපයන්නම්.


ගායනය - මොහිදීන් බෙග් සමග රුක්මණී දේවී

පද - ඒ.ජේ. ද සොයිසා

තනුව - සී. රාමචන්ද්‍ර

සංගීතය - ආර්. ඒ. චන්ද්‍රසේන


1955 දී තිරගතවූ "මතභේදය" චිත්‍රපටියේ ගීයකි.


1954 දී තිරගතවූ "Subah Ka Tara" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග තලාත් මෙහෙමුද් ගායනා කළ "Gaya Andhera Hua Ujala" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



තනුව උපුටා ගත් හින්දි ගීතය

Song - Gaya andhera hua ujara

Singers - Lata Mangeshkar & Talat Mahmood

Lyricist - Noor Lakhnavi

Composer - C. Ramchandra (Ramchandra Narhar Chitalkar) 

Movie - Subah Ka Tara (1954)




මෙම තනුවට නිර්මානයවූ තෙළුගු ගීයක් තබෙනවා.

1955 දී නිෂ්පාදනය වූ තෙළුගු චිත්‍රපටියක් වන "Santhanam" හී අඩංගු, ජමුනා රාණි සමග  Kodandapani ගායන කළ "Tholi Valapula" නම් ගීයට යොදා ගෙන තිබුණෙත් ඉහත සඳහන් කළ Gaya andhera hua ujara ගීයේ තනුවයි.

මේ එම ගීයේ වීඩියෝවක්..




දමිළ ගීය
1955 දී නිෂ්පාදනය වූ "Santhanam" තෙළුගු  චිත්‍රපටිය 1956 දී දමිළ බසින් දෙබස් කවා නිෂ්පාදනය කෙරුණා.
මේ එම අදාල දමිළ ගීයේ වීඩි⁣යෝවක්.
(අවහිර කර ඇත්නම් මෙන්න මෙතනට යන්න..
https://youtu.be/H-mqyXqftBU



5. ආදර පාන සුදා

ගායනය - රුක්මණී දේවි

පද - ඒ.ජේ. ද සොයිසා

තනුව - සචින් දේව් බර්මන්

සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන


1955 දී තිරගතවූ "මතභේදය" චිත්‍රපටියේ ගීයකි.


1954 දී තිරගතවූ "Taxi Driver" චිත්‍රපටියට ලතා මංගෙස්කාර්සහ තලාත් මෙහෙමූද් අවස්ථා දෙකකදී ගායනා කළ "Jayen to Jayen Kahan" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


මේ තනුවටම ගැයූ ගීයක් (කොයිබටදෝ මේ සතා) "සුරඟනී" චිත්‍රපටියේද තිබේ.



තනුව උපුටා ගනු ලැබූ ගීය "Taxi Driver" චිත්‍රපටියේ අවස්ථා දෙකකදී ගායනා වේ.

ලතා මංගෙස්කාර් ගායනා කළ ගීය


තලාත් මෙහෙමුද් ගායනා කළ ගීය

Singer - Lata Mangeshkar / Talat Mahmood
Lyricist - Sahir Ludhianvi
Composer - Sachin Dev Burman
Movie - Taxi Driver (1954)



මේ තනුවටම ගැයුණ තවත් ගීයක්, "අවන් අමරන්" නම් දමිළ චිත්‍රපටියේ ද අඩංගුය. "වාන් මාති නී අරිවායි" නම් එම ගීය ගායනා කළේ ජික්කි සමග සිර්කෂී ගෝවින්දරාජන් ය.



ගායනය - මේබල් බ්ලයිත්

පද - ඒ.ජේ. ද සොයිසා

තනුව - හේමන්ත් කුමාර්

සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන


1954 දී භාරතයේ තිරගතවූ Shart හින්දි චිත්‍රපටියට, ගීතා දත් ගායනා කළ Chand Ghatne Laga Raat Dhalne Lagi යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.





ගායනය - මේබල් බ්ලයිත් සමග එඩී ජයමාන්න
පද - ඒ.ජේ. ද සොයිසා
තනුව - ශන්කර් ජායිකිෂන්
සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන

1955 දී තිරගතවූ "මතභේදය" චිත්‍රපටියේ ගීයකි.

1954 දී තිරගතවූ "Boot Polish" චිත්‍රපටියට ආශා බෝස්ලේ, මධුබාලා සේවරී සහ තලාත් මෙහ්මූද් ගායනා කළ 
"Thahar zara o janewale" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීතය

Song - Thahar zara o janewale
Singer - Asha Bhosle, Madhubala Zaveri, Manna Dey (Prabodh Chandra Dey)
Lyricist - Shailendra (Shankardas Kesarilal)
Composer: Shankar Jaikishan (Shankar Singh Raghuvanshi & Jaikishan Dayabhai Panchal)
Movie - Boot Polish (1954)




ගායනය - මොහිදීන් බෙග් සමග රුක්මණී දේවී
පද - ඒ.ජේ. ද සොයිසා
තනුව - චිත්‍රගුප්ත ශ්‍රීවස්තව
සංගීතය - ආර්. ඒ. චන්ද්‍රසේන

1955 දී තිරගතවූ "මතභේදය" චිත්‍රපටියේ ගීයකි.

1953 දී තිරගතවූ "Naag Panchami" චිත්‍රපටියට ආශා බෝස්ලේ සමග මොහොමඩ් රාෆි ගායනා කළ "Bhagwan tere ghar Ka" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

Song - Bhagwan tere ghar Ka Singers - Asha Bhosle & Mohammed Rafi Lyricist - Gopal Singh Nepali Composer - Chitragupta Shrivastava Movie - Naag Panchami (1953)




ගායනය - රුක්මණී දේවි
පද - ඒ.ජේ. ද සොයිසා
තනුව - කේම්චාන්ද් ප්‍රකාශ්
සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන

1955 දී තිරගතවූ "මතභේදය" චිත්‍රපටියේ ගීයකි.

1955 දී තිරගතවූ "Mahal" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ "Mushkil hai bahut mushkil" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීතය

Song - Mushkil hai bahut mushkil
Singer - Lata Mangeshkar
Lyricist - Shakat Ali Dehlavi
Composer - Khemchand Prakash
Movie - Mahal (1949)




ගායනය - සමූහ

පද - ඒ.ජේ. ද සොයිසා

තනුව - තොරතුරු තහවුරු කර ගත නොහේ.

සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන


"මතභේදය" චිත්‍රපටියේ ගීයකි.


"මතභේදය" චිත්‍රපටියට නිර්මානය කළ "සම්පතකී සොඳ දූ පුතුන්" යන ගීතය සදහා තවුව ලබාගෙන ඇත්තේ, 1939 දී පීටර් සිරිවර්ධන සහ යූ.ඩී. පෙරේරා විසින් ගායනා කර ඇති "ලක්ෂණ කොළඹ රේස් පොළේ" යන ගීයෙනි.


"මතභේදය" චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝව "සරසවිය" හිටපු කතෘ අරුණ ගුණරත්න මහතා වෙතිනි.

No comments: