සිංහල චිත්‍රපටි ගීත

Monday, November 24, 2025

වරද කාගෙද චිත්‍රපටියේ ගීත



චිත්‍රපටියේ නිෂ්පාදනය හා වැදගත් කාරණයන් ඔබට මැනවින් ඉදිරිපත් කරන, සරසවිය හිටපු කතෘ අරුණ ගුණරත්න මහතාගේ 'වීඩියෝව' මෙහි ඈඳා ඇති නිසා, මා යොමුවන්නේ 'ගීත' ගෙන එන්නට පමණයි.


"වරද කාගෙද" චිත්‍රපටියේ ගීත 11 ක් අඩංගු වුණා. ඒ හැම ගීයක්ම අනුකරණ ගීත. වැඩිමණත් හින්දු ගී තනු වලට නිර්මානය වූ ගී.


අපේ චිත්‍රපටි ගීත වලින් වැඩිම ප්‍රමාණයක් ප්‍රබන්ධ වූයේ කරණාරත්න අබේසේකර මහතා වෙතින්.

එතුමා සිනමා ගී රචනයට පිවිසෙන්නෙ මේ "වරද කාගෙද" චිත්‍රපටියෙන්.

ඔහුව මේ කාර්⁣යයෙහි ඇමුණුම්කරු වූයේ ඩොමී ජයවර්ධන මහතා.


මෙන්න අඩංගු වූ ගීත..


1. ප්‍රේම සහරා කාන්තාරේ

(ආලෙ අඳුරුයි ජීවිතේ)


ගායනය - කේ. රාණි

පද - සිරිසේන විමලවීර

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1953 වසරේදී භාරතයේ තිරගතවූ "ලඩ්කි" හින්දි චිත්‍රපටියට ගීතා දත් ගායනා කළ "Wo bhi thukrake chale jite the hum jinke liye" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීතය


Song - "Wo bhi thukrake chale jite the hum jinke liye"

Singer - Geeta Dutt

Lyricist - Rajinder Krishan

Music Composer - R Sudarshan

Movie - Ladki (1953)




2. හදෙහී මා නැගී එන


ගායනය - ඒ.ජේ. කාන්තා සමග ඒ.එම්. රාජා

පද - කරුණාරත්න අබේසේකර

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


හින්දි හෝ දමිළ ගීයක තනුවකි.




3. දළු ලා ප්‍රේම ගසේ


ගායනය - ඒ.ජේ. කාන්තා සමග මොහිදීන් බෙග්
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සචින් දේව් බර්මන්
සංගීතය - එස්. දක්ෂිණමූර්ති

1951 දී තිරගතවූ "බාසි" හින්දි චිත්‍රපටියට ගීතා දත් ගායනා කළ Aaj ki raat piya යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



තනුව උපුටා ගත් හින්දි ගීතය

Song - Aaj ki raat piya
Singer - Geeta Dutt (Geeta Ghosh Roy Chowdhuri)
Lyricist - Sahir Ludhianvi
Composer - Sachin Dev Burman
Movie - Baazi (1951)
Starring: Dev Anand, Geeta Bali, Kalpana Kartik




ගායනය - ස්වර්ණලතා

පද - කරුණාරත්න අබේසේකර

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1954 වසරේදී භාරතයේ තිරගතවූ Dhoop Chaaon හින්දි චිත්‍රපටියට ආශා බෝස්ලේ ගැයූ Nache Nache Ye Meri Duniya යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

(මේ හින්දි චිත්‍රපටිය හා එහි එන

Nache Nache Ye Meri Duniya ගීය සහ්බන්ධයෙන් අන්තර්ජාලය පුරා සාවද්‍ය ප්‍රකාශ බොහොමයක් හේතුවෙන් අර්බුධකාරී තත්වයක් පවතින නිසා හින්දි ගීය මේ අවස්ථාවේ ඉදිරිපත් නොකරමි.)





ගායනය - මොහිදීන් බෙග්

පද - කරුණාරත්න අබේසේකර

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1954 දී භාරතයේ තිරගතවූ Sheeshe Ki Deewar හින්දි චිත්‍රපටියට ශන්කර් දාස්ගුප්ත ගායනා කළ "Karke Majboor Kahan Laayi" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීතය


Singer - Shankar Dasgupta

Lyricist - Manmohan Sabir

Movie - Sheeshe Ki Deewar (1954)




6. පියලී කැඩීල වැටුණා


ගායනය - මොහිදීන් බෙග්
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සචින් දේව් බර්මන්
සංගීතය - එස්. දක්ෂිණමූර්ති

1951 දී භාරතයේ තිරගතවූ "Bahar" චිත්‍රපටියට ගීතා දත් ගායනා කළ, "Bhagwaan Do Ghadi Zara Insaan Ban Ke Dekh" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීතය

Song - Bhagwan Do Ghadi Zara Insan Ban Ke Dekh
Singer - Geeta Dutt
Lyricist - Rajendra Krishan
Composer - Sachin Dev Burman
Movie - Bahar (19951)




ගායනය - කේ. රාණි සමග ස්වර්ණලතා සහ පිරිස

පද - කරුණාරත්න අබේසේකර

සංගීතය - එස්. දක්ෂිණමූර්තිම


මේ සිංහල ගීය නිර්මානය කිරීම පිණිස, 

හින්දි චිත්‍රපටි තුනක ගී තනු එකට ඈඳා ඇත.

ඒ පහත පිළිවෙලටය.

පළමු කොටස

දෙයියො දනී මන්දා (ආරම්භය) 00:04

දෙයියො දනී මන්දා (අවසානය) 02:13


පළමු කොටසට තනුව උපුටා ගෙන ඇත්තේ, 1953 දී භාරතයේ තිරගතවූ Aurat චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ "Dard-e-Jigar Ther Zara" යන ගීයෙනි.


දෙවන කොටස

ගොඩින් මඩින් (ආරම්භය) 02:15

ජීවිත යාත්‍රා පදිමු (අවසානය) 04:02


දෙවන කොටසට තනුව උපුටා ගෙන ඇත්තේ, 1953 දී භාරතයේ තිරගතවූ Ek Do Teen චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සහ පිරිස ගායනා කළ "Thumak Thumak" යන ගීයෙනි.


තෙවන කොටස

පැහිල පැහිල පැහිල (ආරම්භය) 04:04

ගොයම් අපේ සාරයි  (අවසානය) 05:46


තෙවන කොටසට තනුව උපුටා ගෙන ඇත්තේ, 1953 දී භාරතයේ තිරගතවූ Aah චිත්‍රපටියට ආශා බෝස්ලේ සහ මොහොමඩ් රාෆි ගායනා කළ "Jhanan Jhanan Jhanan Jhanan" යන ගීයෙනි.


සිංහල ගීය




පළමු කොටසට තනුව උපුටා ගත් Aurat චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ "Dard-e-Jigar Ther Zara" යන ගීය



දෙවන කොටසට තනුව උපුටා ගත් Ek Do Teen චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සහ පිරිස ගායනා කළ "Thumak Thumak" යන ගී



තෙවන කොටසට තනුව උපුටා ගත් Aah චිත්‍රපටියට ආශා බෝස්ලේ සහ මොහොමඩ් රාෆි ගායනා කළ "Jhanan Jhanan Jhanan Jhanan" යන ගී




ගායනය - ස්වර්ණලතා සමග බර්ට්‍රම් ප්‍රනාන්දු

පද - කරුණාරත්න අබේසේකර

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1951 වසරේදී භාරතයේ තිරගතවූ Baazi හින්දි චිත්‍රපටියට ගීතා දත් ගායනා කළ "Tadbeer Se Bighadi Hui Taqdeer" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීතය


Singer - Geeta Dutt

Lyricist - Sahir Ludhianvi

Composer - S.D. Burman

Movie - Baazi, 1951





ගායනය - ඒ.ජේ. කාන්තා
පද - කරුණාරත්න අබේසේකර
තනුව - අසීස් හින්දි
සංගීතය - එස්. දක්ෂිණමූර්ති

1954 දී තිරගතවූ "Dhoop Chhaon" චිත්‍රපටියට ශම්ෂාඩ් බෙගම් ගායනා කළ "Ab din doob gayo raja" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීතය

Song - Ab din doob gayo raja
Singers - Shamshad Begum
Lyricist - Jan Nisar Akhtar
Composer - Aziz Hindi
Movie - Dhoop Chhaon 

මේ හින්දි ගීතය ඇතුළත් චිත්‍රපටියේ දර්ශන වල වීඩියෝවක් හමු නොවේ. එහෙයින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හින්දි සේවයෙන් ප්‍රචාරය වූ මෙම ගීය ඉදිරිපත් කරමි.




ගායනය - ස්වර්ණලතා

පද - කරුණාරත්න අබේසේකර

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1952 වසරේදී භාරතයේ තිරගතවූ "පරසක්ති" දමිළ චිත්‍රපටිය⁣ට එම්.එස්. රාජේශ්වරී ගායනා කළ "Oh Rassikkum Seemane" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




දමිළ ගීතය


Singer - M. S. Rajeswari

Lyricist - K. P. Kamatchisundaram

Music - R.Sudarsanam

Movie - Parasakthi (1952)





ගායනය - ස්වර්ණලතා සමග බර්ට්‍රම් ප්‍රනාන්දු

පද - කරුණාරත්න අබේසේකර

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1953 වසරේදී භාරතයේ තිරගතවූ "Jhamela" හින්දි චිත්‍රපටිය⁣ට ලතා මංගෙස්කාර් සමග සී. රාමචන්ද්‍ර (Chitalkar Ramchandra) ගායනා කළ "Kaho Ji Kaho Kaho Ji" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීතය


Singers – Lata Mangeshkar & Chitalkar

Lyricist – Rajendra Krishan

Music Composer - Chitalkar Ramchandra

Movie - Jhamela (1953)



1954 වසරේ තිරගතවූ "වරද කාගෙද" චිත්‍රපටිය ගැන "සරසවිය" කලා පුවත්පතේ හිටපු කතෘ අරුණ ගුණරත්න මහතා ගෙන එන වීඩියෝව

No comments:

Post a Comment