නැගි නැගී ඒ මෝරන ප්‍රේමේ
සුපුන් සඳ පායා
දිලි දිලී
දිලී දිලී ලෙලේ එහි රන්වන් මනෝහර ඡායා
දිලි දිලී
හො ඔ ඕ.. ඔඔ ඕ.. ඔඔ ඕඕ....
පෙම් ලෝකය වේ ආලෝකේ
අඅ ආ.. අඅ ආ.. අඅ ආආ...
පෙම් රස වැනි දේ කෝ ලෝකේ
හෝ කිරුළට මිණිමුතු වාගේ
හිමි මා ඔබගේ ඔබ මාගේ මාගේ
අඹරෙහි රන් තරු වාගේ
හිනැහෙන්න ප්‍රියේ ඔබ මාගේ මාගේ
අඹරෙහි රන් තරු වාගේ
පුදනෙමී
පුදනෙමී ඔබේ දිවි පූජාසනේ පරමාලේ
පුදනෙමී
අඅ ආ.. අඅ ආ.. අඅ ආආ...
හදවත ඉල්ලා ආලය පෑවේ
මේ සැප සුවය පතා ...//
අග රැජිණිය වූවද මට ඉන් ඵල කෝ
හිමියනි ඔබ හැර දාලා ..//
නැගි නැගී
නැගි
නැගී ඒ මෝරන ප්‍රේමේ
සුපුන් සඳ පායා
දිලි දිලී
දිලී දිලී ලෙලේ එහි රන්වන් මනෝහර ඡායා
දිලි දිලී
ගායනය - ස්වර්ණලතා
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
1954 වසරේදී තිරගතවූ "වරද කාගෙද" චිත්‍රපටියේ ගීයකි.
1954 වසරේදී භාරතයේ තිරගතවූ Dhoop Chaaon හින්දි චිත්‍රපටියට ආශා බෝස්ලේ ගැයූ Nache Nache Ye Meri Duniya යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
ඒ සමග මේ හින්දි ගීය ගැන වැදගත් කාරණයක් සනිටුහන් කරමි.
මේ ගීයේ දර්ශන සහිත වීඩියෝවක් මා සතුව නැත. අනතර්ජාලයේ ඇත්තෙත් නැත.
NACHE MAN MORA MAGAN නමැති මේ තනුවටම ගැයෙන ගීයක්, 1963 දී තිරගතවූ MERI SURAT TERI AANKHEN නමැති චිත්‍රපටියේ ඇතුළත් විය.
අන්තර්ජාලයේ බොහෝ තැන් වල මේ මා පසුව සඳහන් කළ ගීය, 1953 තිරගතවූ Dhoop Chaaon චිත්‍රපටියේ යැයි දක්වමින් දර්ශන සහිත වීඩියෝවක් (Meri Surat Teri Aankhen චිත්‍රපටියේ) ඉදිරිපත් කර ඇත.
මෙය සාවද්‍ය ප්‍රකාශයකි.
මා ඉදිරිපත් කර ඇත්තේ Dhoop Chaaon චිත්‍රපටියේ ගීය වන අතර එහි දර්ශන සහිත වීඩියෝවක් දැනට සොයාගන්නට නැති බව අවධාරණය කරමි.

No comments:
Post a Comment