හදෙහී මා නැගී එන ආලේ කියාගෙන
ආවේ මේ මීරි සැන්දෑ යාමේ සොයා
ගිලිලා නාමු පෙම් මූදේ සීත ජලේ
පීනා සීත ජලේ
ඔබ මල් දේවි වාගේ මාගෙ ප්‍රේම විලේ
හා ප්‍රේම විලේ
හෝ... හෝ ඕ ඕ... හෝ... හෝ ඕ ඕ......
හෝ ඕ ඕ...දග
හදෙහී මා නැගී එන ආලේ කියාගෙන
ආවේ මේ මීරි සැන්දෑ යාමේ සොයා
හෝ... හෝ ඕ ඕ... ඕ ඕ...
හෝ... හෝ ඕඕ ඕඕ...
බාල කාලෙදි මල්සර හී වැදුණා
පරමාලේ රසේ දෙතොලේ රැඳුණා..//
ඔබ සාදා දේ නිවන මගේ ප්‍රේමියේ //
මේ තුන් ලොවේහි ම මිහිරි ප්‍රියේ
මතු ජාතී පවා බැඳිලා වෙසෙමූ
හෝ... හෝ ඕ ඕ... ඕ ඕ...
හෝ... හෝ ඕඕ ඕඕ...
මාගේ ජීවිතෙ පෙම් බැඳ භාර දෙමී
සෙවණැල්ල වගේ ඔබ හා ම එමී ...//
පවසමු ප්‍රේමී මහඟු බලේ ආලයේ //
ප්‍රේමෙන් වෙලී නැසුණාම ප්‍රියේ
ඉතිහාසේ පවා ලියවේ මතු දා
හෝ... හෝ ඕ ඕ... ඕ ඕ...
හදෙහී මා නැගී එන ආලේ කියාගෙන
ආවේ මේ මීරි සැන්දෑ යාමේ සොයා
ගායනය - ඒ.ජේ. කාන්තා සමග ඒ.එම්. රාජා
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
1954 දී තිරගතවූ "වරද කාගෙද" චිත්‍රපටියේ ගීයකි.
හින්දි හෝ දමිළ ගීයක තනුවකි.
No comments:
Post a Comment