Sunday, November 23, 2025

දෙයියො දනී මන්දා අනේ

දෙයියො දනී මන්දා අනේ
බුම්මාගෙන වාහේ මේ

බුම්මාගෙන වාහේ මේ

රක්ෂාවක් නොකර මෙසේ

උන්නම අපි කන්නේ කෙසේ

උන්නම අපි කන්නේ කෙසේ

දෙයියො දනී මන්දා අනේ


රක්ෂාවල් කෝ රටේ

හෙව්වා මං රෑ දාවල්

රට බංකොලොත් වෙලා

සල්ලි ටිකට තට්ටු වෙලා

රට බංකොලොත් වෙලා

සල්ලි ටිකට තට්ටු වෙලා


ආණ්ඩුවෙන් ඉඩම් බෙදන්නේ

ඇයි ද ඔයා ඒව නොගන්නේ

ඇයි ද ඔයා ඒව නොගන්නේ

දෙයියො දනී මන්දා අනේ


බඩ කට තියෙන ඈයො

ඒකෙ වටේ රොක් වීලා

බුරන්නෙ මේ අපි දැකලා


කම්මැලි මාගෙ වාහෙ

දිවැස් කියයි හීන බලා ...//

හෝ... හීන බලා


ගත්තේ නැත්නම් ඒ ඉඩම්

දීගෙ මෙයින් වේ අවසන්

දීගෙ මෙයින් වේ අවසන්

දෙයියො දනී මන්දා අනේ


යන්න එපා මා දාලා ප්‍රාණ ප්‍රියාවී ආදරී


ගන්නම් දෙන තරමක්

ආණ්ඩුවෙන් කුඹුරු ඉඩම්


දැක්කද ආවා මොලේ

පෙම්බර මා සැමියාගේ


ඕ මගේ ඥාන සාගරේ

ප්‍රේම සැමී ප්‍රාණ ආදරේ

ප්‍රේම සැමී ප්‍රාණ ආදරේ

දෙයියො දනී මන්දා අනේ


හෝ.....

ගොඩින් මඩින් ඉඩකඩම් ලැබිච්චී ....//

පාළු කැලෑවේ එළිය වැටී ඇත

පාළු කැලෑවේ එළිය වැටී


ඕ සීසෑමට හොඳ වැස්ස ලැබිච්චී


ඕ සීසෑමට හොඳ වැස්ස ලැබිච්චී

බුරුල් වෙලා පස් ලොඩැලි බිඳිච්චී


ආවා හොඳ කාලේ ආවා


මේ ගම්මානෙට ලක්ෂ්මී ආවා


මේ ගම්මානෙට ලක්ෂ්මී ආවා

පොකුණු පිරීලා දිය රැලි නංවා


ගොවියගෙ මූණට සිනාව ආවා

ශ්‍රී පැතිරී කිරි ඉතිරී ආවා ශ්‍රී පැතිරී


එන්න සුදා දෙන්නා එක්වී

එන්න සුදා අපි දෙන්නා එක්වී

ප්‍රීතියෙනී මේ කෙත සීසාලා


ප්‍රීතියෙනී මේ කෙත සීසාලා


පීඩිත ලංකා සාගත ලංකා


පීඩිත ලංකා සාගත ලංකා

ධාන්‍ය කිරි පැණියෙන් උතුරවලා


ප්‍රීති හා සැපා ලබාලා

රන් රස සේ ජෝඩු දමාලා

රන් රස සේ ජෝඩු දමාලා


ජීවිත යාත්‍රා පදිමු නැළවී

ජීවිත යාත්‍රා පදිමු නැළවී


පැහිල පැහිල පැහිල පැහිල

ගොයම් අපේ සාරයි


කරල් බරින් එක් වී රන්

ගොයම් කරල් එල්ලී

මේ බලන්නකෝ නංගී


පැහිල පැහිල පැහිල පැහිල

ගොයම් අපේ සාරයි ....//


ඕ.... 

දෑකැත්තෙන් කැපුවා

රන් කරල් මිටිය ලැබුණා

රන් කරල් මිටිය ලැබුණා


ඕ.... 

පුංචි පුංචි ගොඩවල්

අපි ගොයම පුරා තැබුවා

අපි ගොයම පුරා තැබුවා


සෑම රොක් වීලා එක්කාසූ කරමූ ගොයම්


ගම රට සරු වී

සාගත නැතිවී

කිරි ඉතිරේවී


පැහිල පැහිල පැහිල පැහිල

ගොයම් අපේ සාරයි


ඕ..

ශ්‍රී ලංකා මාතා

බත බුලතින් සරු වේවා

බත බුලතින් සරු වේවා


හෝ...

සශ්‍රීකයි ලංකා

නිදහස් අප ශ්‍රී ලංකා

නිදහස් අප ශ්‍රී ලංකා


සෑම එක්වීලා අපි දැන්ම ගනිමූ නගුල්


සිරිලක සරු වී

සාගත නැතිවී

කිරි ඉතිරේවී


පැහිල පැහිල පැහිල පැහිල

ගොයම් අපේ සාරයි .....//


ගායනය - කේ. රාණි සමග ස්වර්ණලතා සහ පිරිස

පද - කරුණාරත්න අබේසේකර

සංගීතය - එස්. දක්ෂිණමූර්තිම


1954 දී තිරගතවූ "වරද කාගෙද" චිත්‍රපටියේ ගීයකි.


මේ සිංහල ගීය නිර්මානය කිරීම පිණිස, 

හින්දි චිත්‍රපටි තුනක ගී තනු එකට ඈඳා ඇත.

ඒ පහත පිළිවෙලටය.

පළමු කොටස

දෙයියො දනී මන්දා (ආරම්භය) 00:04

දෙයියො දනී මන්දා (අවසානය) 02:13


පළමු කොටසට තනුව උපුටා ගෙන ඇත්තේ, 1953 දී භාරතයේ තිරගතවූ Aurat චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ "Dard-e-Jigar Ther Zara" යන ගීයෙනි.


දෙවන කොටස

ගොඩින් මඩින් (ආරම්භය) 02:15

ජීවිත යාත්‍රා පදිමු (අවසානය) 04:02


දෙවන කොටසට තනුව උපුටා ගෙන ඇත්තේ, 1953 දී භාරතයේ තිරගතවූ Ek Do Teen චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සහ පිරිස ගායනා කළ "Thumak Thumak" යන ගීයෙනි.


තෙවන කොටස

පැහිල පැහිල පැහිල (ආරම්භය) 04:04

ගොයම් අපේ සාරයි  (අවසානය) 05:46


තෙවන කොටසට තනුව උපුටා ගෙන ඇත්තේ, 1953 දී භාරතයේ තිරගතවූ Aah චිත්‍රපටියට ආශා බෝස්ලේ සහ මොහොමඩ් රාෆි ගායනා කළ "Jhanan Jhanan Jhanan Jhanan" යන ගීයෙනි.


සිංහල ගීය අහමු...



පළමු කොටසට තනුව උපුටා ගත් Aurat චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ "Dard-e-Jigar Ther Zara" යන ගීය



දෙවන කොටසට තනුව උපුටා ගත් Ek Do Teen චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සහ පිරිස ගායනා කළ "Thumak Thumak" යන ගී



තෙවන කොටසට තනුව උපුටා ගත් Aah චිත්‍රපටියට ආශා බෝස්ලේ සහ මොහොමඩ් රාෆි ගායනා කළ "Jhanan Jhanan Jhanan Jhanan" යන ගී

No comments: