Thursday, November 13, 2025

"සැඟවුණු පිළිතුර" චිත්‍රපටියේ ගීත



"සැඟවුණු පිළිතුර" චිත්‍රපටියේ ගීත.

"සැඟවුණු පිළිතුර" සිංහල සිනමාවේ එකොළොස්වන ඇසි-දිසි (කථානාද) චිත්‍රපටියයි.


මෙි සිංහල චිත්‍රපටියේ මුල් පිටපත් කිසිවක් ඉතිරිව නැත.

1951 දී තිරගත වූ සිංහල චිත්‍රපටිය, දමිළ දෙබස් කවා "කුසුමලතා" නමින්, 1951 වසරේ දෙසැම්බර් 22 දා මහජන ප්‍රදර්ශනයට නිකුත්විය.


සිංහල මුල් චිත්‍රපටියේ පිටපත් කිසිවක් ඉතිරිව නොතිබුණත්, දමිළ බසින් දෙබස් කැවූ පිටපත් තිබුණා.


මෙන්න මේ දමිළ දෙබස් කැවූ "කුසුමලතා" චිතුපටියෙන් රූප රාමු ගෙන නැවත සිංහල දෙබස් කවා "සැඟවුණු පිළිතුර" චිත්‍රපටිය යළි නිපදවා ප්‍රදර්ශනය කළා 1992 වසරේදී.


මේ අපූරු සිද්ධිය හා අනෙකුත් විස්තර මේ පලකිරීමේ අඩියේ ඇති වීඩියෝවේ ඇතුළත් වෙනවා.


"සැඟවුණු පිළිතුර" චිත්‍රපටියේ ගීත සමගින්, "කුසුමලතා" දමිළ දෙබස් කැවූ චිත්‍රපටියේ ඇතුළත් ගී කිහිපයක් මා ඔබට ගෙන එනවා.


චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය මොහොමඩ් ගවුස්.

ගීත ප්‍රබන්ධ කළේ සී. වීරසේකර.

සියළුම ගී තනු ස්වතන්ත්‍ර බව මහාචාර්ය සුනිල් ආරියරත්න මැතිඳුන් එතුමාගේ "සිංහල චිත්‍රපට ගීතාවලිය" පළමු වෙළුමේ සඳහන් කර තිබෙනවා.


චිත්‍රපටියේ ගී දොළොසක් ඇතුළත් වුණා.

ඒ ගී සියල්ල මෙහි තිබෙනවා.

එකී ගී වල "කේවල පලකිරීම" ට යොමු වීමෙන් වැඩි තොරතුරු ලබා ගත හැකියි.

ඒ සඳහා ගීයේ "නාමය" (Title) මත තට්ටු කරන්න.


1. නෑ නෑ දැන් කකුල මගේ වේදනා


ගායනය - ලැටීෂියා පීරිස් සමග එඩී ජයමාන්න

පද - සී. වීරසේකර

සංගීතය - මොහොමඩ් ගවුස්



"සැඟවුණු පිළිතුර" චිත්‍රපටිය දමිළ දෙබස් කවා 1951 වසරේ අගදී ප්‍රදර්ශනය වූ බව මා සඳහන් කළා.
ඒ අනුව ඉහත ගීයට අනුරූප දමිළ ගීයයි මේ ගෙන එන්නෙ.


"ஓ மை லவ் காலு ரொம்ப"
"Ō mai lav kālu rompa"

ගායනය - එම්.ආර්. ශකුන්තලා සමග ජේ.පී. චන්ද්‍රබාබු
පද - හනුමන්තා රාඕ
සංගීතය - මොහොමඩ් ගවුස්




ගායනය - සුසිල් ප්‍රේමරත්න සහ රුක්මණී දේවි
පද -  සී. වීරසේකර
තනුව හා සංගීතය - මොහොමඩ් ගවුස්



දමිළ චිත්‍රපටියේ අනුරූප ගීය

"Bhuloka Mohini" பூலோக மோகினி
ගායනය - ලුවිස් සමග රුක්මණී දේවි



ගායනය - එඩී ජයමාන්න

පද - සී. වීරසේකර

සංගීතය - මොහොමඩ් ගවුස්





ගායනය - රුක්මණී දේවි
පද -  සී. වීරසේකර
තනුව හා සංගීතය - මොහොමඩ් ගවුස්


"කුසුමලතා" දමිළ චිත්‍රපටියේ අනුරූප ගීය

ගායනය - රුක්මණී දේවි
පද - පී. හනුමන්ත රාඕඳ
සංගීතය - මොහොමඩ් ගවුස්


5. මනහර ගීත ගයාලා

ගායනය - සුසිල් ප්‍රේමරත්න සහ රුක්මණී දේවි
පද -  සී. වීරසේකර
තනුව හා සංගීතය - මොහොමඩ් ගවුස්



"කුසුමලතා" දමිළ චිත්‍රපටියේ අනුරූප ගීතය.
Mangala Geetha Itthanei

ගායනය - එම්. ලුවිස් සමග රුක්මණී දේවි
පද - පී. හනුමන්ත රාඕ
සංගීතය - මොහොමඩ් ගවුස්




ගායනය - බර්ට්‍රම් ප්‍රනාන්දු

පද - සී. වීරසේකර

සංගීතය - මොහොමඩ් ගවුස්



7. පරාණේ වාගේ ⁣ආලේ

ගායනය - ලැටීෂියා පීරිස් සමග එඩී ජයමාන්න

පද - සී. වීරසේකර

සංගීතය - මොහොමඩ් ගවුස්





ගායනය - රුක්මණී දේවී
පද -  චන්ද්‍රසේන වීරසේකර
සංගීතය - මොහොමඩ් ගවුස්



ගායනය - රුක්මණී දේවි

පද - සී. වීරසේකර

සංගීතය - මොහොමඩ් ගවුස්





ගායනය - සුසිල් ප්‍රේමරත්න සහ ලැටීෂියා පීරිස්
පද -  චන්ද්‍රසේන වීරසේකර
තනුව හා සංගීතය - මොහොමඩ් ගවුස්




ගායනය - ලැටීෂියා පීරිස් සමග එඩී ජයමාන්න

පද - සී. වීරසේකර

සංගීතය - මොහොමඩ් ගවුස්




12. මා හදේ ශෝක දේ


ගායනය - සුසිල් ප්‍රේමරත්න

පද - සී. වීරසේකර

සංගීතය - මොහොමඩ් ගවුස්



සිංහල චිත්‍රපටි ගීත පෙළ සමග අදාල චිත්‍රපටියේ විස්තර මා ඇතුළත් නොකරන්නෙ, අරුණ ගුණරත්න මහතාගේ වීඩියෝවෙන් මනාව ඒ කාර්යය ඉටුවන නිසා.

ඉතින් අදත් "සරසවිය" හිටපු කතෘ අරුණ ගුණරත්න මහතා ගෙන එන චිස්තර වීඩියෝවට දැන් යොමුවෙමු.

No comments: