Friday, November 28, 2025

අයිරාංගණී චිත්‍රපටියේ ගීත



"අයිරාංගණී" චිත්‍රපටිය 1954 වසරේ අප්‍රේල් 10 වැනිදා ප්‍රදර්ශනය සඳහා නිකුත් වූවා.

ඒ සිංහල සිනමා වංශකථාවේ 22 වැනි ඇසි-දිසි (කතානාද) චිත්‍රපටිය ලෙස.

චිත්‍රපටියේ නිෂ්පාදනය හා වැදගත් කාරණා ගැන මෙහි අවසානයේ ඇති, 'සරසවිය' හිටපු කතෘ අරුණ ගුණරත්න මහතා ගෙන එන වීඩියෝව මගින් ඔබව දැනුවත් වන නිසා, මා සිනමා කෘතියේ අඩංගු වූ ගීත කෙරෙහි යොමු වෙනවා.

ගීත 09 ක් හා කවි ගායනයක් ඇතුළත්වූ "අයිරාංගණී" චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය කළේ එස්.එස්. වේදා සමග ආර්.ඒ. චන්ද්‍රසේන.

ගීත ප්‍රබන්ධ කළා ඒ.ජේ. ද සොයිසා.

1. ප්‍රීති ප්‍රීති අපි දෙන්නාගේ

ගායනය - මේබල් බ්ලයිත් සමග එඩී ජයමාන්න

පද - ඒ.ජේ. ද සොයිසා

සංගීතය - එස්.එස්. වේදා සහ ආර්.ඒ. චන්ද්‍රසේන


1953 දී භාරතයේ තිරගතවූ Chacha Chaudhary හින්දි චිත්‍රපටියට ආශා බෝස්ලේ සමග මොහොමඩ් රාෆි ගැයූ "Hasna Gana" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීය

Singers - Asha Bhosle & Mohammed Rafi

Lyricist - Rajendra Krishan

Music Composer - Madan Mohan Kohli

Movie - Chacha Chowdhury (1953)

Featuring Actors - Raja Paranjpe, Shashikala





ගායනය - මේබල් බ්ලයිත්

පද - ඒ.ජේ. ද සොයිසා

සංගීතය - එස්.එස්. වේදා සහ ආර්.ඒ. චන්ද්‍රසේන


හින්දි හෝ දමිළ ගීයක අනුකරණයකි.





ගායනය - මොහිදීන් බෙග්

පද - ඒ.ජේ. ද සොයිසා

සංගීතය - එස්.එස්. වේදා සහ ආර්.ඒ. චන්ද්‍රසේන


1954 දී තිරගතවූ "අයිරාංගනී" චිත්‍රපටියේ ගීයකි.


හින්දි හෝ දමිළ ගීයක අනුකරණයකි.




ගායනය - මේබල් බ්ලයිත් සමග එඩී ජයමාන්න

පද - ඒ.ජේ. ද සොයිසා

සංගීතය - එස්.එස්. වේදා සහ ආර්.ඒ. චන්ද්‍රසේන


1954 දී තිරගතවූ "අයිරංගනී" චිත්‍රපටියේ ගීයකි.


1952 දී භාරතයේ තිරගතවූ Ghunghroo හින්දි චිත්‍රපටියට ශමිෂාඩ් බෙගම් සමග චිට්ල්කාර් රාමචන්ද්‍ර ගැයූ "Mere Peeche Peeche Aa Ke" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීය


Singers - Chitalkar Ramchandra & Shamshad Begum

Lyricist- Rajendra Krishan

Music Composer - C. Ramachandra

Movie - Ghungroo (1952)




5. තරු පායන ආකාසේ


ගායනය - රුක්මණී දේවි සමග මොහිදීන් බෙග්
පද - ඒ.ජේ. ද සොයිසා
තනුව - බී. භාතිෂ් සහ හන්ස්ලාල් භාතිෂ්
සංගීතය - එස්.එස්. වේදා සහ ආර්.ඒ. චන්ද්‍රසේන

1954 දී තිරගතවූ "අයිරාංගණී" චිත්‍රපටියේ ගීයකි.

1953 දී භාරතයේ තිරගතවූ "Aansoo" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග මොහොමඩ් රාෆි ගායනා කළ "Din Pyar Ke Aaye Re" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



තනුව උපුටා ගත් හින්දි ගීය

Song - Din pyar ke aaye re
Singers - Lata Mangeshkar & Mohammed Rafi
Lyricist - Qamar Jalalabadi
Composers - Bhagatram Batish & Husnlal Batish
Movie - Aansoo (1953)




ගායනය - රුක්මණී දේවි

පද - ඒ.ජේ. ද සොයිසා

සංගීතය - එස්.එස්. වේදා සහ ආර්.ඒ. චන්ද්‍රසේන


1953 දී භාරතයේ තිරගතවූ "Anarkali" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ "O Aasmanwale" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීය

Singer - Lata Mangeshkar

Lyricist - Hasrat Jaipuri

Music Composer - C. Ramchandra (Ramchandra Narhar Chitalkar)

Movie - Anarkali (1953)




7. මල වාගේ දිලිසෙනා

ගායනය - එඩී ජයමාන්න

පද - ඒ.ජේ. ද සොයිසා

සංගීතය - එස්.එස්. වේදා සහ ආර්.ඒ. චන්ද්‍රසේන


මෙහි ඇත්තේ චිත්‍රපටිය සඳහා ගායනා වූ ගියේ පදමාලාවයි.


තැටි ගත කිරීමේදී කෙටි කිරීමකට ලක්වී තිබේ.


1953 දී භාරතයේ තිරගතවූ Jhamela හින්දි චිත්‍රපටියට චිට්ල්කාර් රාමචන්ද්‍ර ගැයූ "Rota Hai Dil" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.





Singer - Chitalkar Ramchandra

Lyricist - Rajinder Krishan

Music Composer - C Ramchandra

Movie - Jhamela (1953)





ගායනය - රුක්මණී දේවි
පද - ඒ.ජේ. ද සොයිසා
තනුව - 
සංගීතය - එස්. එස්. වේදා සහ ආර්.ඒ. චන්ද්‍රසේන

1954 දී තිරගතවූ "අයිරාංගනී" චිත්‍රපටියේ ගීයකි.

1953 දී භාරතයේ තිරගතවූ  තිරගතවූ "Thokar" හින්දි චිත්‍රපටියට ගැයුණු "Aye Gham-e-Dil kyaa karun" යන ගීයෙන් තනුව උපුටාගෙන ඇත. මේ තනුවට චිත්‍රපටියේ ගී දෙකක් ගායනා වේ. එක් ගීයක් තලාත් මෙහෙමූද් ගායනා කළ අතර අනෙක් ගීය ගායනා කළේ ආශා බෝස්ලේ ය.



හින්දි ගී ද්විත්වය

තලාත් මෙහ්මූද් ගැයූ ගීය



ආශා  බෝස්ලේ ගැයූ ගීය



Singers - Talat Mehmood (Male Version), Asha Bho(n)sle (Female Version)
Lyricist - Majaz Lucknavi
Music Director - Sardar Malik
Movie - Thokar (1953)
Staring - Shammi Kapoor & Shyama


ගායනය - මොහිදීන් බෙග් සමග රුක්මණී දේවී
පද - ඒ.ජේ. ද සොයිසා
තනුව - ශන්කර් ජායිකිෂන්
සංගීතය - එස්.එස්. වේදා සහ ආර්.ඒ. චන්ද්‍රසේන

1953 දී භාරතයේ තිරගතවූ "Patita" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග හේමන්ත් කුමාර් ගායනා කළ "Yaad kiya dil ne kahaan ho tum" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීය

Song - Yaad kiya dil ne kahaan ho tum
Singers - Hemanta Kumar Mukhopadhyay & Lata Mangeshkar
Lyricist - Hasrat Jaipuri
Composer - Shankar Singh Raghuvanshi & Jaikishan Dayabhai Panchal
Movie - Patita (1953)



10. රස කිරි පොවා (කවි ගායනය)

ගායනය - රුක්මණී දේවි

පද - ඒ.ජේ. ද සොයිසා

සංගීතය - එස්.එස්. වේදා



"සරසවිය" කලා පුවත්ප⁣තේ හිටපු කතෘ අරුණ ගුණරත්න මහතා ගෙන එන, "අයිරාංගණී" චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝව.





No comments: