රස කිරි පොවා ඇති කළ පෙම්බර අම්මා
තොස කර සිත සැනසු පියතුම හා පෙම්මා
තොස කර සිත සැනසු පියතුම හා පෙම්මා
දොස කර අනේ රුදු මරු පැන ගිල දැම්මා
ඇස නිදි නොලැබ හඬනෙමි සිහිකර අම්මා
දුප්පතාට නැත මේ ලොව සැනසීම
පොහොසතාට ඇස් නැත උන් දුටුවාම
සිඟන්නාට නොලැබෙයි උණු බත් කෑම
තනි වූ දාට රජ භවනෙකි අම්බලම
ගායනය - රුක්මණී දේවි
පද - ඒ.ජේ. ද සොයිසා
සංගීතය - එස්.එස්. වේදා
1954 දී තිරගතවූ "අයිරාංගණී" චිත්‍රපටියේ ඇතුළත් කවි ගායනයකි.

No comments:
Post a Comment