මේ ලොව රාණී
අනංග දෝණී වාසනා
මල් ලොව රාණී
සුන්දර ශ්‍රීනී
ලැබුවාදෝ කාලේ මාගේ වාසනා....//
හොඳ කාලේ මාගෙ ආවා
රක්ෂාවත් මා හට ලැබුණා
බය නෑ නෑ කාටවත් දැන්
ඉස්කෝලේ හාමිනේ මා ...//
මා වැනි අඟනෝ
නෑ තව ලෝකේ වාසනා
මල් ලොව රාණී
සුන්දර ශ්‍රීනී
ලැබුවාදෝ කාලේ මාගේ වාසනා
මා අද රාණී
අනංග දෝණී වාසනා
මල් ලොව රාණී
සුන්දර ශ්‍රීනී
ලැබුවාදෝ කාලේ මාගේ වාසනා
පෝසත්තු මෝඩ කාසී
මාගේ රූපේ වෙළීලා
ඒවී කරණම් ගසන්ටා
මා නෑ ඒවා තකන්නේ ...//
ආසාවේ ප්‍රාණේ
යාවි මෙ මාගේ වාසනා
නින්දිත ප්‍රේමේ
මට ඕනෑ නෑ නෑ
ජීවේ රකිමි මගෙ වාසනා
මා අද රාණී
අනංග දෝණී වාසනා
මල් ලොව රාණී
සුන්දර ශ්‍රීනී
ලැබුවාදෝ කාලේ මාගේ වාසනා
ගායනය - මේබල් බ්ලයිත්
පද - ඒ.ජේ. ද සොයිසා
සංගීතය - එස්.එස්. වේදා සහ ආර්.ඒ. චන්ද්‍රසේන
1954 දී තිරගතවූ "අයිරාංගනී" චිත්‍රපටියේ ගීයකි.
හින්දි හෝ දමිළ ගීයක අනුකරණයකි.
No comments:
Post a Comment