Wednesday, January 17, 2018

ස්වර්ණපාලියේ

දොරමඬලේ ගිණි වැදුණේ
තුන් හිතේ ගින්දරයි දෙයියෝ

සංසාරෙ දුර ආවෙ තනියෙන්ද මා
ඒ පාර සරසන්න මල් පිපුණෙ නෑ
වස්සානෙ ගිම්හානෙ උන්නේද මා
ඒ වෙනස මට දැණුනෙ නෑ
කාලයේ බින්දු වේලාවේ
පාළුවේ අන්ධ මායාවේ
ආදරේ උරුමයද මම හෙව්වෙ ස්වර්ණපාලියේ
වංශයේ ධීර ධාරාවේ
අන්ථයේ ඈත සේයාවේ
ආදරයේ උරුමයද මට දුන්නු ස්වර්ණපාලියේ

(අබර දබර හතර ව ...///////)

ළැම ගින්න හිත පල්ලෙ ඇවිලී ගියා
පොද වැස්ස සංසාරෙ ගිණි නිව්වෙ නෑ
රජ ඉසුරු සරසන්න පිළිවෙත පුරා
මං ගාව ඔබ උන්නෙ නෑ

කාලයේ බින්දු වේලාවේ
පාළුවේ අන්ධ මායාවේ
ආදරේ උරුමයද මම හෙව්වෙ ස්වර්ණපාලියේ
වංශයේ ධීර ධාරාවේ
අන්ථයේ ඈත සේයාවේ
ආදරයේ උරුමයද මට දුන්නු ස්වර්ණපාලියේ

දොරමඬලාවට යන්න
පියාඹාගෙන එන්න
සැරිසරන්න පඬු අබා කතා වස්තුව
මුල සිට අගට මෙන්න
භද්‍රකච්ඡායනා කුමරි පඬුවස්නුවර
රජ මෙහෙසිකාවී වදපු කුමරුන් දස දෙනෙකි
එකළොස්වන චිත්‍රාදේවී
එක්ටැම් ගේක දීඝගාමිණීට දාව උපදින
කුමරු මැරුමට මාමාවරුන් පැමිණ වැදුම් ගෙට බලන කළ කුමරියකි චිත්‍රා ළඟ කුමරු නොව
කුමාරයෙක් ලැබුණොත් චිත්‍රාවට
මාරක අපලයි මාමාවරු දස දෙන හට
දසසේන පිරිවරාගෙන පැමිණ මරපු
පුංචි කොලු පැටව් දිය කෙළින
කුමරු ගස් බෙනයක සැඟව නරඹ
නිහඬව හඬමින් මිතුරු ලෙය දෑතට ගෙන සිතමින්
මව්බිම මම සුරකිමි
මව්බිමේ උරුමයට කැප වෙමි
සුරකින අසිපත දරාගෙන අදිටන ගෙන ගියේ
සිහනද පතුරවමින් හෙළ ජය ගනිමින්


අසිපතේ තැවරුණේ ප්‍රේමයයි
උන්මාදිනියේ මා ළයේ
වැගිරුණේ ස්නේහයයි

දොරමඬල ගිනිබත් වී
එගිණි කඳ හදපත්වී
ආදරේ උරුමයද මට දුන්නු ස්වර්ණපාලියේ

ස්වර්ණපාලියේ .....

ස්වර්ණපාලියේ
ස්වර්ණපාලියේ
(ආ... ආ ආ.. ආ ආඅආ...)

(අබර දබේ..)
(හතර ව..)

ආදරේ උරුමයද මට දුන්නු ස්වර්ණපාලියේ

ගායනය - සජිත අනුත්තර
පද - ජැක්සන් ඇන්තනී
සංගීතය හා තනුව - සනුක වික්‍රමසිංහ
(රැප් ඇමුණුම)

No comments: