Tuesday, December 3, 2013

නුඹේ සිතට පුන්සඳ පායලා වගේ


නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
එදා නැගුණු ආදර කැක්කුමට මගේ
ජාති ජාති නුඹ මට වාසනා නඟේ

අරුංගලේ දිස්නය ඇස් දෙකට අගේ
මාල පොටේ මුතු අමුණා මුවග අගේ
දෙපෝ දාට අහසේ තරු රෑන වගේ
ආල සිතක් බැඳුණයි රන් රුවට නුඹේ

නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
එදා නැගුණු ආදර කැක්කුමට මගේ
ජාති ජාති නුඹ මට වාසනා නඟේ

නළල් තලට මුතු තැලි පට කිමද දඟේ
අතැඟිල්ලට රන් මුදුවක් නොවෙද අගේ
ලැතැවිල්ලට මංගල පෝරුවක් කොහේ
සැනසිල්ලට දුරු රටකට යමුද නඟේ

නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
එදා නැගුණු ආදර කැක්කුමට මගේ
ජාති ජාති නුඹ මට වාසනා නඟේ

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - සුනිල් ආර්. ගමගේ
තනුව - එච්.එම්. ජයවර්ධන


ගීය ඇතුළත් වූ ඇල්බම
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් දොරට වැඩියා. 
1981 "චන්ද්‍ර මඬල" කැසට් පටය ට සහ 1998 දී නිකුත්වූ "නව රිද්ම ගී සොළොස" සංගත තැටිය හා කැසට් පටයටද ඇතුළත් වුණා.

No comments: