ගංතෙරට වී ගොම්මනේ ....//
පෙත්තරේ ළඟ පැන් තොටේ
ගම්මානයේ පව් සෝදනා
රත්තරන් වී කළු වලාකුළු
චන්ද්රයා සේ පායලා
ලෙන්චිනා ඇති වැඩ කළා දැන්
ගෙදර යං කළුවර වුණා
ලෙන්චිනා මගෙ නංගියේ ඇයි
ගංතෙරට වී ගොම්මනේ ....//
පින්වතුන් කැල ඇන්ද සළුපිළි
සේදුවා නුඹ සේදුවා
තාම නෑ කිලිකුණු ගිහින් ඒ
කිම්ද නොදැනේ කාරණා
සේදිලා පරිශුද්ධ වීමෙන්
යුග දෑත් නුඹෙ බබලනා
ලෙන්චිනා මගෙ නංගියේ ඇයි
ගංතෙරට වී ගොම්මනේ ....//
ගායනය - සුනිල් එදිරිසිංහ
පද - රත්න ශ්රී විජේසිංහ
තනුව - රෝහණ වීරසිංහ
මේ ගීය ගැන මා පාසල් සොයුරු රත්න ශ්‍රී විසින්ම ගෙන එන විවරණයකට පළමුව ඔබව යොමු කරවමි.
දැන් ගීය අහන්න
ශ්‍රී
ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් තුළින් දොරට වැඩි ගීයකි. එය 1989 දී “නිම් තෙරක්” සින්ග්ලංකා කැසට් පටයටත් 2004 දී “සුවඳ මුවරද” ටොරානා සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.
No comments:
Post a Comment