Tuesday, December 3, 2013

කඳුළු දෙන්න මට හඬන්න


කඳුළු දෙන්න මට හඬන්න
සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙළන්න
සක්වල ගල සසල වන්න ...//

හිත උපන්න ආලවන්ත 
ඒ රුව කෝ මට කියන්න
මගෙ තනියට මා පමණයි 
ඇය එවන්න මා බලන්න

කඳුළු දෙන්න මට හඬන්න
සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙළන්න
සක්වල ගල සසල වන්න

ලිහිණියනේ පියාඹන්න 
ඇය ඇති තැන සොයා යන්න
මා මිය යන බව පවසා 
ඇය එවන්න මා බලන්න

කඳුළු දෙන්න මට හඬන්න
සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙළන්න
සක්වල ගල සසල වන්න ...//

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - ජයරත්න ගමගේ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ



ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් දොරට වැඩි මේ ගීය, 1984 දී සින්ග්ලංකා ලේබලයෙන් නිකුත්වූ "පිනිබර යාමේ" කැසට් පටයට ඇතුළත් වුණා. නැවත 2001 වසරේදී සින්ග්ලංකා ලේබලයෙන්ම නිකුත්වූ "නෑසෙන ගී රස 1" සංයුක්ත තැටියට හා කැසට් පටයට ද ඇතුළත් වුණා.

No comments: