Monday, December 2, 2013

ලක් වැසියන් කෙරෙහි නැමී

ලක් වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිඳු හිමි
පෙව්වෙ උතුම් සදහම් මී
පුත නුඹටත් මම පොවමි එමී
ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය ‍රැකගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

මෙබඳු උතුම් ලංකාවේ
දසතින් දුසිරිත් බෝවේ
මේ ගැන වැඩ කොළොත් ලොවේ
නුඹෙත් මගෙත් නම කියැවේ
ඉටු කොට කළ යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන්නම්
නුඹයි මගේ පුතා උතුම්

තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකොළොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ
මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකක් හිරිහැරයක්
නිවනට සරිකොට සිතතොත්
නුඹයි මගේ පුතා සමත්

කාටත් හිමි පොදුදේ නම්
නැති බැරි හිඟ අවහිරකම්
මේ දේ මැඩගෙන දස්කම්
පෑම තමයි සුරුවිරු කම්
උස් තැන් දැක හැකිළෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියනගේ "දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල" කාව්‍ය සංග්‍රහයේ තෝරා ගත් පැදි කිහිපයකි මේ ගායනයේ ඇතුළත් වන්නේ.

No comments: